Sunday, July 1, 2018

සාර්ථක දිවියකට ධනාත්මක සිතුවිලි..






තරගකාරී ලෝකයේ ඔබ අප සියලූදෙනාගේ ම අපේක්ෂාව වන්නේ සතුටින් ජිවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීමටයි. මේ නිසා මිනිසා ජිවන තත්ත්වය උසස් මට්ටමක් දක්වා ගෙනයාමට විවිධ වැර වෑයම් දරයි. ඒ අතර ඇතැමෙකු ජිවත් වීමට උත්සහ කරයි. තවත් පිරිසක් ව්‍යාපාර කටයුත්තක් මහා පරිමාණ ලෙස ආරම්භ කර සේවකයින් ද විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. තවත් පිරිසක් කිසිදු ආර්ථික කටයුත්තක නොදී සිඟමන් යදිති.

මිනිසුන් මෙලෙස වෙනස් වන්නේ ජිවින අරගලය ජය ගැනීමට දරනු ලබන උත්සාහයන් මත මිස කිසිවෙකුත් ඒ තුලින් ඔහු අසාර්ථක ද යන්න වෙන් කර දැක්විය නොහැකිය. ඔවුන්ගේ ක‍්‍රියාකලාපය වෙනස් වන්නේ ඔවුන් දරන්නාවූ අකල්පමතයි. මෙම ආකල්ප පුද්ගලයෙකු තුල ධනාත්මක මෙන්ම රිනාත්මක ආකල්පයකින් යම් කටයුත්තක් ඇරඹීමෙන් කිසිම විටෙකත් එම කාර්යය සාර්ථකභාවයට පත් නොවේ. යම් කටයුත්තක් ආරම්භ කිරීමට ප‍්‍රථම ඒ පිලිබඳ දැඩි විශ්වාසයකින් හැ උනන්දුවකින්, නිවැරදිව සැලසුම්සහගතව ආරම්භ කරන  ඕනෑම කර්තව්‍යක් සාර්ථකවේ. ඒ සඳහා අවශ්‍යවන්නේ ධනාත්මකව සිතීමයි. තමාගේ කාර්යය නිර්මනශිලිව ඵලදායිව ඉටු කරගන්නේ කෙසේද යන්න සිතීම මෙහි දී මුලිකවනු ඇත.

ධනාත්මක චින්තනය යනු ජිවිතයේ කුමන අවස්ථාවකදී වුවද ඒ දෙස සුභාවදිව බැලීමයි. උදාහරණයක් ලෙස යම්කිසි කෙනෙකු තීරණාත්මක විභාගයකින් අසමත් වූවායැයි සිතන්න. එවැනි විටක දී බොහෝ දෙනෙක් කරනුයේ ඒ පිළිබඳව සිත සිතා ලතවිමයි.අවසානයේ දී ජිවිත හානි කර ගැනීම් සිදුවන්නේද මෙම ලතවීම් හේතුවෙනි. සත්‍ය වශයෙන්ම එවැනි ජීවිතය අසාර්ථක වූ තැන් පිළිබඳව කල්පනා කර කර සිටීමෙන් සිදුවන්නේ තමන්ගේ වටිනා කාලය අපතේ යැවීමයි.ඒවගේමයි ඉදිරි කාර්යයන් සඳහා ද ඔබ නිරායාසයෙන් ම දුර්වලවිමයි. යම් හෙයකින් ඔබ විභාගය අසමත් වුයේ නම්, නැතිනම් ඔබ සිත සිටි අන්දමින් විභාගයට මුහුණදීමට නොහැකි වුයේ නම් ඉදිරියට ඔබ කලයුතුවන්නේ ඔබේ හැකියාවන් මත දක්ෂතාවයන් මත ඔබට ජීවිතය ජය ගැනීමට සුදුසු මාර්ගයක ගමන් කිරිමට උත්සහ කිරීමයි, 



ධනාත්මක චින්තනය නැතිනම් සුභවාදී ආකල්ප මිනිසාට උපකරිවන්නේ ජීවිතය ජයගනිමටයි.
ඉගෙනගන්න වයසේ සිටින සිසුන් තුල දකින්නට ලැබෙන අයහපත් සිතිවිල්ලක් තමයි ” මට මේක කරන්න බෑ ” මේක හරියන්නේ නෑ ” කොච්චර මහන්සිවුනත් ප‍්‍රතිපලයක් නෑ ” ආදී වශයෙන් වූ මතයන් වල එලිබසිටීම.මෙවැනි දුර්මත වලින් මිදී යහපත් සිතුවිලි වර්ධනය කර ගනිමින් තමාගේ කටයුතු සාර්ථක කරගන්නේ කොහොමද?

මුලින්ම ඔබ සිතිය තුත්තේ තමන් ස්වාධින පුද්ගලයෙකු ලෙසටයි. අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක් තමයි තාමත් අනාගතයේ දී ලන්ගාවිමට හැකි ඉලක්කයක් අරමුණක් නොමැතිවීම.මේ නිසා තමා කල යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න අද බොහෝදෙනෙක්ට හරි හැටි වැටහීමක් නොමැත. විශේෂයෙන් ම පාසල් යන වයසේ දරුවෙකුට කුඩා අවදියේ දී ඇතිවන ”මම වයිද්යවරයෙක් වෙනවා” මම ඉංජිනේරුවරයෙක් වෙනවා” යන හැගීම් පසු කාලයේදී වියැකී යන බව දක්නට ලැබේ. බය තරහව, පාළුව, තනිකම මුල් කර ගනිමින් ඇතිවන සිතුවිලි ඔබව නොමඟ යවන ක‍්‍රියාකලාපයන්ට යොමුවීමට ඉඩ නොදෙන්න.හැමවිටම මට මේ වැඬේ කරන්න පුළුවන්. මට මේ තැනට යන්න පුළුවන් ලෙස සිතීමෙන් ඔබේ අරමුණු ජයගැනීමට උත්සහවන්ත වන්න. 

හැමවිටම සුභවාදී සිතුවිලින්වලට ඔබේ සිත නිරාවරණය කරන්න.ඉගෙනීම් කටයුතුවලදී ගුරුවරුන් ලබාදෙන අභියෝගය සතුටු සිතින් භාර ගැනීමට හැකියාව පවතී නම් එය ඔබ ලබන ජයග‍්‍රහණයකි.යම් කාර්යභාරයක් ආරම්භ කිරීමට පෙර සිටම ”අනේ මට මේ වැඬේ කරන්න බැහැ” වැනි අසුභවාදී වචන වලින් දුරස් වී ” මේ වැඬේ මට හැකි උපරිමයෙන් කරනවා”යන හැඟීමෙන් යුතුව වැඩ කරන්න පටන් ගන්න.අදට කටයුත්ත ආරම්භයේ මෙන්ම වැඩෙහි නිරත වන අතරතුරේ දී ද, අවසානය දක්වාද මෙම සුබවාදී සිතුවිල්ල පවත්වාගෙන යාමෙන් නියත වශයෙන්ම ඔබට සාර්ථක ප‍්‍රතිපල අත්කර දෙනු ලබයි.සමහර අවස්ථාවලදී ඔබේ කරයුතු අතරතුරේදී විවිධ වූ,අවහිර බාධා ඇතිවන්නට පුළුවන්.  ඒ සැම අවස්ථාවලදීම නොසැලී එම ගැටලූවලට විසදුම් සොයමින් උනන්දුවකින් හා විෂවාසයකින් කටයුතු කරන්න. ධනාත්මක සිතුවිලි තිබෙන කෙනෙකු අතින් වුවද යම් අත්වැරදීම්, අතපසුවීම් තිබෙන්නට පුළුවන්.වඩාත් වැදගත්වන්නේ එම වැරදි විශ්ලේෂණය කර බලමින් අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමයි.

සැම දිනකම උදෙසන අවදිවන විට අද දිනය මට ප‍්‍රීතිමත් සාර්ථක දිනයක් වනවා යන සිතුවිල්ල ඇති කරගන්න. ඔබ විභාගයකට පාඩම් කරන සිසුවෙකු නම් එවැනි ප‍්‍රබෝධමත් සිතුවිල්ලකින් වැඩ කටයුතු ආරම්භ කිරීමට උත්සහ කරන්න. 
යථාර්තවාදීව සිතමින් ඔබ ඔබගැන විශ්වාසදායි සිතුවිලි ඇති කරගත යුතුයි. එසේ නොවන්නට ඔබේ අධ්‍යාපන ඉලක්ක පමණක්නොවේ  අනාගත ඉලක්ක සාර්ථක කරගැනීමට නොහැකි තත්ත්වකක් ඇතිවිය හැකියි. තමාට ලඟින් සිටින තමන්වත් විශ්වාස නැති විටෙකදී කටයුතු කරන්නේ කොහොමද? මේ නිසා ඔබ කෙරෙහි විශ්වාසය තැබීම වැදගත්.

එමෙන්ම ජිවිතයේ සේම කටයුත්තකදී ම ඔබ ගන්න තීරණ වෙනුවෙන් ඔබම නැගී සිටින්න.බොහෝදෙනේකු ගන්න තීරණ පිලිබඳ විශ්වාසයක් නොමැති වන්නේ මේවනතෙක් ගත්තු තීරණ වලින් යහපත් ප‍්‍රතිපලයක් ගෙන නොදුනු නිසාවෙනි.සිතෙහි දෙගිඩියාවෙන්,හිතුමනාපෙට ගන්නා තීරණ අපව හරිමගකට යොමු නොකරයි.අන් අයගේ කියුම් කෙරුම් වලට යට නොවී තමාට යහපත් තීරණයක් ස්වාධීනව සිතාබලා තීරණය කරන්න. ජිවිතයේ පරාජයන් හමුවේ බිය නොවී එය අත්දැකීමක් වශයෙන් අනාගත ජිවිතයට එක් කරගන්න.

සෑම ජිවිතයකම පරාජයන් ඇද වැටීම් බහුලයි. ලොව දිනු පුද්ගලයින්ගේ ජිවිත දෙස බැලූ විට පසක් වන්නේ ඔවුන්ගේ ජීවිතද අනන්තවත් ඇද වැටීම් වලින් බහුලවී ඇති බවයි. නමුන් අපට වඩා ඔවුන් වෙනස් වන්නේ ඔවුන් ඒ පරාජයන් මතින් නැගී සිට ජීවිතය දෙස ධනාත්මක ආකල්පයකින් බලා ජීවිතය ඉදිරියට ගෙන ගිය නිසාවෙනි.



2 comments: