Thursday, March 22, 2018

ජනමාධ්‍යයේ ක‍්‍රමික විකාශනය



ජනමාධ්‍යයේ ක‍්‍රමික විකාශනය



ජනමාධ්‍ය බිහි වීම එදා සිට අද දක්වා ක‍්‍රමික විකාශනයක ප‍්‍රතිඵලයකි. අතීතයේ සංඥා සංකේත, ඉඟි බිඟි, වැනි ප‍්‍රාථමික සන්නිවේදන ක‍්‍රම වලින් ආරම්භ වී ගුවන් විදුලිය, රූපවාහිනිය, සිනමාව, දුරකථනය, අන්තර්ජාලය වැනි පුළුල් ජනමාධ්‍යක් ව්‍යාප්ත වීම දක්වා අද ලෝකය ගමන් කර ඇත. වර්තමානයේ වඩා වැඩි දියුණු වී ඇති ජනමාධ්‍ය සමාජයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර මේ මගින් ජනප‍්‍රිය සංස්කෘතියක් බිහි කිරීමට සමත් වී ඇත. ජනමාධ්‍යයන්ගේ මෙම ප‍්‍රගමනය තාක්ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පු`ඵවන්. විවිධ යුගයන් වලදී ලෝකයේ සිදු වූ තාක්ෂණික සොයා ගැනීම් පුළුල් ජනමාධ්‍යයන්ගේ වර්ධනය සඳහා හේතු පාදක විය. 

ලෝකයේ ජනමාධ්‍ය බිහි වීමේ මුලාරම්භය සිදු වන්නේ මුද්‍රණ ශිල්පය ආරම්භ වීමත් සමඟයි. 1429 දී පමණ ජර්මානු ජාතික ජොහැන්නස් ගුටෙන්බර්ග් විසින් මුද්‍රණ යන්ත‍්‍රය නිපදවනු ලැබීය. එකල වයින් නිෂ්පාදනය කරන යන්ත‍්‍රයේ ආකෘතියෙන් සකස් කරනු ලැබු ගුටෙන්බර්ග්ගේ මුද්‍රණ යන්ත‍්‍රයෙන්් ප‍්‍රථම වතාවට බයිබලය මුද්‍රණය කෙරිණි. ලෝහ තහඩු භාවිතයෙන් එක් එක් අක්ෂරය වෙන වෙනම සකස් කර මුද්‍රණ යන්ත‍්‍රය වඩාත් වැඩි දියුණු කිරීමට ඔහු සමත් විය. සරල ලීවර යොදා ගෙන සකස් කරන ලද මුද්‍රණ තාක්ෂණය පසු කාලයේ දී විවිධ තාක්ෂණික සොයා ගැනීම් ඔස්සේ සංවර්ධනය විය. 1886 දී ඊයම් වක්කර අකුරු වල ආකෘතීන් සදා ගැනීමට ලයිතේටයිප්, මොන්ටයි යනුවෙන් හැඳින්වුණු යතුරුපුවරු නිර්මාණය විය.

1960 දශකයේ පරිගණක තාක්ෂණය මුද්‍රණ ශිල්පයට එකතු වීම මුද්‍රණ ක්ෂේත‍්‍රයේ නොසිතු විරු පෙරලියකට පෙරමං සැපයීය. උත්තල මුද්‍රණ ක‍්‍රම, අවතල මුද්‍රණය, සමතල මුද්‍රණය,  ඕෆ්සෙට් ආදී මුද්‍රණ ක‍්‍රම පරිගණක තාක්ෂණය හරහා සුවිශේෂි දියුණුවකට පානගා ඇත. එදා අකුරු අමුණමින් මුද්‍රණය කරන පොත්, පත‍්‍රිකා, පුවත්පත් ආදිය පිටපත් කෝටි ගණනින් ලබා ගත හැකි අන්දමින් දියුණු තත්ත්වයකට පත්ව ඇත්තේ තාක්ෂණික සොයා ගැනීම් වල ප‍්‍රතිඵලයක් වශයෙනි. 

ගුවන් විදුලිය බිහිවන්නේ ද භෞතික විද්‍යාඥයින් ගණනාවක් විසින් සිදු කරන ලද පර්යේෂණ ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. සමුවෙල් මෝස් විසින් නැව් ගමනාගමනය පිළිබඳ සංඥා තොරතුරු යැවීමේ ක‍්‍රමය, රෙතී නම් විද්‍යාඥයාගේ මයික්‍රොෆෝනය නිපදවීම, මයිකල් ෆැරඬේගේ විද්‍යුත් චුම්භක ශක්තිය, ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් ශබ්දය, විද්‍යුත් චුම්භක තරංග බවට පත් කිරීමේ හැකියාව ආදී විවිධ සොයා ගැනීම් ගුවන් විදුලිය බිහිවීමට පදනම් සැපයීය. කෙසේ වෙතත් ගුවන් විදුලිය නිපදවීමේ ගෞරවය  හිමි වන්නේ ගුග්ලි එල්මෝ මාර්කෝනිටයි. 1901 දී ප‍්‍රථමවරට සාර්ථක අන්දමින් අත්ලාන්තික් සාගරය ඔස්සේ ගුවන් විදුලි සන්නිවේදන කටයුතු අත්හදා බැලීමට හැකියාව ලැබී ඇත්තේ ඔහුටය. මෙම තාක්ෂණික සොයා ගැනීම්, අත්හදා බැලීම් හා පර්යේෂණයන් වැඩි දියුණු කොට ගුවන් විදුලිය නිර්මාණය කළේය. වර්තමානයේ දී ගුවන් විදුලිය අද පවතින තත්ත්වයට පත්ව ඇත්තේ මෙවැනි තාක්ෂණික සොයා ගැනීම් නිසාවෙනි. 

 

.නූතන මාධ්‍යන් අතරින් රූපවාහිනියට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයයි. ගුවන් විදුලිය මෙන්ම රූපවාහිනි තාක්ෂණයද විවිධ සොයා ගැනීම් ඔස්සේ නිර්මාණය වූවකි. රූපවාහිනියේ මූලික සිද්ධාන්ත හඳුනා ගැනීමෙහිලා විද්‍යුත් යාන්ත‍්‍රික ක‍්‍රම ඔස්සේ සිදු කරන ලද ස්කෑන්  කිරීම, සම්පේ‍්‍රෂණය කිරීම සහ ප‍්‍රතිබිම්භයන් සැකසීම යනාදිය හේතු විය

යාන්ත‍්‍රික රූපවාහිනිය ආරම්භ වීම විවිධ විද්‍යාඥයින් ඒ පිළිබඳව සිදු කරන ලද සොයා ගැනීම් කිහිපයක ප‍්‍රතිඵලයක් වශයෙනි. ඒ අතර 1873 විලෝබ් ස්මිත් සෙලතියම් මූල ද්‍රව්‍ය භාවිතයෙන් ෆොටෝ කන්ඩක්ටවිටි උපකරණය සොයා ගැනීම්, 1884 දී පොල් හිප්කොව් විසින් ස්කෑන් තැටිය සොයා ගැනීම, 1926 දී ජෝන් ලොගී බොයාඞ් විසින් දුරට දර්ශනය කරන ලද චලන ප‍්‍රතිබිම්බ ඉදිරිපත් කිරීම් වැදගත් වේ.

ඡුායාරූපකරණය බිහි වීම සිනමාවේ තාක්ෂණික දියුණුවට හේතුපාදක විය. සිනමාව මාධ්‍යක් ලෙස බිහිවීමට ප‍්‍රථම අවධියේ දී චලන චිත‍්‍රය මගින් යම් යම් කථාන්දර කීමේ කලාව විනෝදාස්වාදය සැපයීමේ සරල ක‍්‍රමයක් ලෙස ජනප‍්‍රියට පැවතුණි.

චිත‍්‍රපට තාක්ෂණය බිහි වීමේ මූලික අවස්ථාව වන්නේ සුචි සිදුරු කැමරාව හා කැමරා ඔබ්ස්කි්‍යුරාව සොයා ගැනීමයි. දොලපොර්තා විසින් මෙම තාක්ෂණික උපකරණය කාච පර්යේෂණයකින් වැඩි දියුණු කළ අතර එයින් චලනය වන ප‍්‍රතිබිම්බයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබුණි. ඊට අමතරව 1882 දී ජුලියස් මරේ විසින් කාලානුරූපී ඡුායාරූපගත කිරීමේ තුවක්කුවක් සොයා ගන්නා ලදී. මේ ආකාරයෙන් තාක්ෂණික සොයා ගැනීම් ගණනාවක ප‍්‍රතිඵලයක් ලෙස සිනමා මාධ්‍ය බිහි වීමට අවශ්‍ය පසුබිම සකස් විය.

වාණිජ සිනමාවේ ආරම්භය සනිටුහන් වන්නේ ප‍්‍රංශයේ ලූවී ලූවියර් සහ ඔගස්වේ ලූවියර් සහෝදරවරුන්ගෙනි. ‘‘ලූවියර් කර්මාන්තශාලාවේ වැඩ ඇරී යන කම්කරුවන්’’ දැක්වෙන දර්ශණයක් ඔවුන් ප‍්‍රථම වරට මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ලදී. මේ සඳහා ඔවුන් භාවිතා කලේ ලූවී ලූමියර් විසින් නිපදවනු ලැබු සිපිතමැට්‍රෝග‍්‍රාෆ් නැමැති අතින් රැුගෙන යා හැකි කැමරාවයි

ප‍්‍රංශ ජාතික ජෝර්ජ් මෙලිෆ්, ඇමෙරිකානු ජාතික එඞ්වඞ්. එස් පෝටර් චාලි චැප්ලීන් වැනි සිනමාකරුවන් කලාත්මක සිනමාව වර්ධනය කිරීමට විවිධ තාක්ෂණික ක‍්‍රමෝපායන්, අත්හදා බැලීම් සිදු කර ඇත. සංස්කරණය, ෙඡ්දනය, රූපරාමු සැකසීම ඒ අතර විශේෂයි. වර්තමානයේ සිනමාව පවතින තත්ත්වයට දියුණු කිරීමට මෙම තාක්ෂණික අත්හදා බැලීම් ප‍්‍රයෝජනවත් විය.

වර්තමානය වන විට ජනමාධ්‍ය කෙරෙහි සුවිශේෂි බලපෑමක් තාක්ෂණය ඔස්සේ සිදු කර ඇත. අන්තර්ජාලය, ජංගම දුරකථනය වැනි නවීන මාධ්‍යයන් මෙම බලපෑමට ප‍්‍රබල ලෙස දායකවේ. ඊමේල්, බ්ලොග්, විශ්ව වෙබ් අඩවි, චන්ද්‍රිකා තාක්ෂණය ජන මාධ්‍යයන්ගේ සීමා සහිත බව පුළුල් කිරීමට සමත් විය. ලෝකයේ තොරතුරු එසැනින් ලබා ගැනීමට මේ තාක්ෂණය දියුණුවේ සුවිශේෂි කාර්යයභාරයකි.

දිනෙන් දින වැඩි දියුණු වන ජංගම දුරකථන තාක්ෂණය මගින් ද ඔබට රූපවාහිනිය, ගුවන්විදුලිය, සිනමාව මෙන්ම පුවත්පත් ආදී ලිඛිත මාධ්‍යයන් ද ලබා ගත හැකි ආකාරයෙන් සකස් වී ඇත. නවීන ජංගම දුරකථන තුළට වීඩියෝ දර්ශන, චිත‍්‍රපට, ටිප් වැනි දේ ඇතුලත් කළ හැකිවේ.

මෙලෙස තාක්ෂණික දියුණව හේතුවෙන් මුද්‍රණ ශිල්පය ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව වැනි නූතන මාධ්‍යයන් මෙන්ම අන්තර්ජාලය, ජංගම දුරකථනය වැනි නවීන මාධ්‍යයන්ගේ ද වැඩි දියුණවට සුවිශේෂි බලපෑමක් එල්ල කිරීමට හැකියාව ලැබී ඇති බව පැහැදිළිවේ.


 -ෂෙහානි ලියනආරච්චි-


No comments:

Post a Comment