Sunday, July 15, 2018

වත්මනේ හිස ඔසවන දන්ත රෝග




මිනිසෙකුගේ සුන්දරත්වය සඳහා ආකර්ෂණීය සිනාවෙන් ලැබෙන්නේ අසීමිත පිටිවහලක්. කෙනෙකුට සුන්දර පියකරු සිනහවකින් තවත් කෙනෙකුට සංග‍්‍රහ කිරීමට හැකියාව ලැබෙන්නේ නීරෝගි දත් දෙපළකිනි. දත් නරක් වී විවිධ දන්ත රෝගවලින් පෙළෙන්නේ නම් විවිධ අවස්ථාවලදී ඔබ අපහසුතාවට ලක් වීමට ඉඩ ඇත. මේ නිසා මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ. 

මිනිස් මුඛයේ සුලබව දකින්නට ලැබෙන රෝගී තත්ත්වයන් කීපයකි.

(1* මුඛ පිළිකා 
(2* මුඛයේ ආසාදන තත්ත්ව 
(3* විදුරුමසේ ඇතිවන රෝග 
(4* දත් කුහර ඇතිවීම
(5* දත් දිරායාම

වර්තමානයේ වැඩිපුරම කතාබහට ලක් වන්නේ මුඛ පිළිකා ගැනයි. මෙම රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප‍්‍රතිකාර නොකිරීමෙන් එය තවදුරටත් පැතිරීමට, දිගුකල් වේදනා ගෙන ඒමට මෙන්ම අවසානයේදී මරණයට පවා හේතු විය හැකිය. දිව, මුඛයේ පතුල, මෘදු තල්ල, තොල්, විදුරුමස හා දිවේ පිටුපස යන ප‍්‍රදේශ වඩාත්ම මුඛ පිළිකාවට භාජනය විය හැකි ප‍්‍රදේශයි. 

පිරිමි පාර්ශ්වයට මෙන්ම වයස්ගත පුද්ගලයන්ට මුඛ පිළිකා අවදානම වැඩි බවක් දක්නට ලැබේ. සිගරට්, සුරුට්ටු, පයිප්ප හෝ බීඩි ලෙස දුම්පානය, බුලත්විට සමඟ හෝ බුලත්විට නොමැතිව කරන දුම්කොළ සැපීම, දුම් කුඩු ඉරීම යන කුමන ආකාරයකට ඇබ්බැහි වුවද මුඛ පිළිකා ඇතිවීමට හේතු කාරක වශයෙන් සැලකේ.  

මුඛයේ ආසාදන තත්ත්වයක් ඇති වන්නේ මුඛය තුළ දිලීර, බැක්ටීරියා, වෛරස් වල ක‍්‍රියාකාරීත්වයක් ඇති කිරීම නිසායි. මේ නිසා මුඛය තුළ තුවාල ද ඇති කරයි. මුඛයේ තුවාල හට ගැනීම විශේෂයෙන්ම අවුරුදු 16 x -25 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර සුලභ වේ. HIV ආසාදිතයන්ගෙන් හරි අඩකට වඩා මුඛයේ දිලීර, බැක්ටීරියා හෝ වෛරස් ආසාදිත පුද්ගලයින් වන බව දැනට සොයාගෙන ඇත. මුඛ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් එය හෘද රෝග, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියා වැනි රෝග ද ඇතිවීමට වැඩි අවදානමක් ඇත.




මැදි වයසේ පුද්ගලයන් 15 x -20% අතර ප‍්‍රතිශතයක් දරුනු විදුරුමස් රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳී. ප‍්‍රතිකාර ලබා නොගතහොත් විදුරුමස් දියවී යාමටද ලක්විය හැකිය. විදුරුමස් ආශි‍්‍රත ව රෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතුව වන්නේ දන්ත පථ ඇති වීමයි. මෙය විදුරුමස අශි‍්‍රතව ඇතිවන පටලයකි. විදුරුමස් රෝග ඇති වූ විට විදුරුමස් වලින් රුධිරය වහනය වීමත්, විදුරුමස ඉදිමීමටත්, දත් බුරුල් වීමටත් පටන්ගනී. අවසානයේ දී අකලට දත්්හැලීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම රෝගී තත්ත්වයයි.

නියමිත ලෙස දත් පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ලෝකයේ 60x90% පමණ පාසල් යන වයසේ පසුවන සිසුන් මෙන්ම වැඩිහිටියන් අතර ද දත් කුහර ඇතිවීමේ රෝගී තත්ත්වය බහුලව දක්නට ලැබේ. මුඛ කුහරය ආශ‍්‍රිතව අඩු ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණයක් පවත්වා ගැනීමෙන් දත් කුහර ඇතිවීම වළක්වා ගත හැකි වේවි.

දත් දිරායාම ද අද මුඛය අශි‍්‍රතව ඇති සුලභ රෝගයකි. දත් දිරායාමට මුල්වන්නේ නිතර නිතර ගන්නා පැණි රස ආහාරපානයි. මේ නිසා දිරායාමෙන් වැළකීමට කළයුතු හො`දම උපක‍්‍රමය වන්නේ සීනි අඩංගු ආහාර පාන අවම කිරීමයි. දතක් දිරීමට අරම්භ වන්නේ දත මතුපිට තිබෙන ආම්ලිකතාවය වැඩි වූ විටයි. ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක් භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟ හරවාගත හැකිය.




2 comments: