Saturday, November 24, 2018

උත්සව සමය හැඩකරන කාන්තා විලාසිතා










 උත්සව සමයේ කාන්තාවන් වැඩිපුරම අවධානය යොමුකරන්නේ ඇඳුම් පැළඳුම් වෙතයි.   සාප්පු සවාරි   යෙදී ඔබට  සුදුසු විලාසිතාවක්  තෝරාගැනීමට නොහැකිව ඔබ දැනටමත් අපහසුතාවයට පත්වී ඇතිබව නම් නොවනුමානයි. සීතල දෙසැම්බරය සුදුසු විලාසිතා තෝරා ගන්නේ කොහොමද විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්  වෙත අවධානය යොමු කරමු.

  නත්තල් සාදයක් සඳහා ආරාධනාවක්  ලැබුණු විට ුවතියන්ට ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ඊට සුදුසු ඇඳුම් මෝස්තරයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්නයි ඕනෑම යුවතියක් කැමතිවන්නේ දුර්ලභ ආකාරයේ විලාසිතා පෙම් හැඩ වීමටයි.

මෙවැනි අවස්ථාවලදී උත්සව පැවැත්වෙන්නේ වේලාව පිළිබඳව ද,   ඒ කුමන ආකාරයේ උත්සව අවස්ථාවක් ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.  කාලයෙන් කාලයට අලුත් වන සෑම මෝස්තරයක් සෑම යුවතියකට ම සුදුසු නොවේ.  ඒ අතරින් තමන්ට ගැළපෙන නිර්මාණ තෝරා ගැනීම වැදගත්.

 දිනෙන් දින අලුත් වන විලාසිතා නිසාම වර්ණ පිළිබඳ අපි බොහෝ සැලකිලිමත් වර්ණ ගැන නොසිතා තමන්ගේ පෙනුමට වර්ණ කොතරම් ගැලපෙනවද යන්න නොසිතා විලාසිතා කරන අයත් සිටි එවිට එම විලාසිතාව විහිළුවකට ලක් වීමට ද ඉඩ තිබේ තම සිරුරේ වර්ණය උත්සව අවස්ථාව එහි තේමාව තම වයස ආදී කරුණු බොහොමයක් ගැන අපට අවධානය යොමු කිරීමට සිදුවේ.

 පැහැපත් සමට
        අඳුරු හා වර්ණවත් පැහැය වැනි ඕනෑම වර්ණයක්


 තලෙළු සමට
        වඩා තද පැහැති වර්ණ උචිත නොවේ.
        තද රතු කහ වැනි වර්ණ නුසුදුසුය.
        ඕනෑම වර්ණවත් පැහැයක් ගැලපේ.


 අඳුරු පැහැ සමට
        තද පැහැති වර්ණ සුදුසු නොවේ
        මෙය තමා සහභාගි වන අවස්ථාව අනුව වෙනස් වේ.
        ාමාන්‍යයෙන් පැහැපත් සමකට ඕනෑම වර්ණයක් සුදුසුයි. නමුත් සමේ පැහැය  මකෙඋප් එකකින් වුවද අඩු වැඩි කරගත හැකිය. එහෙත් වර්ණවත් විලාසිතා අවශ්‍ය වනුයේ ශරීරයේ හැඩය ආකර්ෂණීය පෙනුමක් එක් කර ගැනීමටය.


අව්ව සහිත සමට
        කළු වැනි විලාසිතා නුසුදුසුය.
        එමඟින් හිරු එළිය උරා ගන්නා නිසා දැඩි උණුසුමක් ශරීරයට  දැනෙයි.
        සුදුසු වන්නේ වර්ණවත් ඇඳුම් ආයිත්තම්ය.
        එමඟින් හිරු එළිය පරාවර්ථනය වේ.
        ශරීරයට සුවපහසුයි.
          කළු රතු තද නිල් සුදු  රෝස ගොල්ඩ් වැනි වර්ණ සාමාන්‍ය උත්සවයන්ට සුදුසුයි.







විලාසිතා තෝරා ගැනීමේදී  වයස් සීමාවන් බලපාන්නේ  නැත. නමුත් යොවුන් වියේ පසුවන යුවතියන් රෝස පැහැයක්  වැඩි වශයෙන් භාවිතා කරයි. එවැනි පැහැයන් කෙළිලොල් බව අර්ථ ගන්වයි. ළා නිල්, ළා කොළ, ම් පැහැයක් ඇහැට ප්‍රිය උපදවන වර්ණයන්ය.

Saturday, August 11, 2018

ඉතිරියට හුරු වෙමු




ඉතිරි කිරීම යනු ලොභකමවත් මසුරුකමවත් නොවේ. එහි අර්ථය දිවිය මනාව සකස් කර ගැනීමට හුරුවීම යන්නයි. වර්තමානයේ බොහෝදෙනාට ඉතිරි කිරීම පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. අප ඉතිරිකිරීම ආරම්භ කල යුත්තේ නිවසේදිමයි. අතීතයේ ගෘහණිය සකසුරුවම මනසේ හැඩගැසී පුරුදු වී සිටියෝය. අතීතයේ නිවසේ ගෘහණිය ඇතිනම් අම්මා පොඩි මුදලක් සීට්ටු දමා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ටික ටික අකතු කිරීමට පුරුදු වී සිටියා. නිවසේ ඉතුරුවන බත් නිකරුනේ විසි නොකර ඒවා වෙලා රසවත් අග්ගලා සේදුවා. අටුකොස්, ලුණුදෙහි දැමීමද එවැනි එවැනි ඉතිරිවන දේ වලින් ගත් ප්‍රයෝජනයි. මිට මිට එකතු කරගත් මිටි හාල් මුට්ටිය නිවසේ හාල් හිඟවූ දාට බොහෝ ප්‍රයෝජනවත් වුණා.

මෙලෙස බැලු විට සකසුරුවම පිලිබඳ පළමු පාඩම අපට කියාදෙන්නේ අම්මයි. වර්තමානයේ ඔබ ගෙවන කාර්ය බහුල ජීවිතයත් සමගම ඉතිරි කිරීම ඔබෙන් ගිලිහී යන දෙයක් වෙන්නට පුළුවන්. අරපිරිමැස්ම පුරුද්දක් වශයෙන් කරගෙන යාමට හැඩගැසෙන්නේ නම් එය පහසුවක් වනු ඇත.

ඔබ ඉතිරියට හුරු වන්නේ අනාගත ප්‍රයෝජනය  සඳහායි. අනාගතයේදී සිදුවිය හැකි අර්බුද අවිනිශ්චිතයි. එයට සුදානම් වීමට නම් අප උපයන ධනය ඉතිරි කරගත යුතුමයි. ආගමික ශාස්තෘවරුන් පවා දේශනා කර ඇත්තේ නොපිරිහෙන්නට නම් ශ්‍රමය, ධනය, කාලය ඉතිරි කල යුතු බවයි. සේම මසකම  ඔබ උපයන මුදලින් යම් සෙලකිය යුතු ප්‍රතිශතයක් පුරුද්දක් ලෙස ඉතුරු කිරීමට හැකි වේනම් එය ඔබ ලබන ජයග්‍රහණයකි. එමෙන්ම උපයන ධනය සකසුරුවම් ලෙස වියදම් කිරීමටද ඔබ හුරුවිය යුතුයි. පරිබෝජනයේදී තමන්ගේ ඇඳුම් පැළඳුම් කෑමබීම පිළිබඳවත් නොසිතා අනවශ්‍ය වියදම් වෙනුවෙන් නයවිමෙන් හෝ වියදම් කරයි. එය වෙනස් කොට තම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කිරීමට ඉටාගත යුතුයි.


මුදල් වියදම සඳහා නිසි සැලසුමක් සකස්කර ගන්නේ නම් එය ඵලදායි අරපිරිමසන පිළිවෙලකි. අයවැය ලේඛනයක් සකස් කරගෙන එයට අනුකුලව ඉතුරුකරන්නේ නම් ඔබට ඔබේ ඉතුරුම් ඉලක්ක පවා සපුරාගත හැකිය. එහිදී මුලික පියවර වශයෙන් ඔබේ අවශ්‍යතා හා උවමනා හඳුනාගන්න. ඔබේ අයවැය ලේකනයේ මාසික වියදම් තුලනය කරගැනීමට අඩු වැදගත්කමකින් යුත් වියදම් කපාහැරිය හැකියි. එවිට කිසියම් අවශතාවක් හෝ අවශ්‍යතා ගණනාවක් වෙනුවෙන් මාසිකව ඔබට වියදම් කල හැකි මුදල් ප්‍රමාණය ඔබට ලබාගැනීමට හැකියාව ඇත.

නිවසේ ආර්ථිකය ගොඩනගා ගැනීමට එදිනෙදා වෙළඳපොළට යන වියදම් අවම කරගන්න පුරුදු වෙන්න. ඔබේ ගෙවත්තෙහි එළවලු පලතුරු වගාකර පරිභෝජනය කිරීමට හැකියාව ලබෙනේනම් ඔබට වස විස නැති අහාර ලබාගැනීමට හැකියාව ලැබෙන්නාව මෙන්ම දෙඉනිකව කෑමබීම සඳහා යන වියදමද අවමවේ.
එමෙන්ම නිවසේ අනවශ්‍ය ලෙස නාස්තිවන විදුලිය ජලය පවා අරපිරිමැස්මෙන් භාවිතයට හුරුවීම සකසුරුවමයි. එය ඔබේ මුදල් පසුම්බියට මෙන්ම රටේ ආර්ථිකයටත් සැහැල්ලුවක් වනු ඇත.

 මෙලෙස ඔබ සකසුරුවම් පුරුදු පුහුණු විය යුත්තේ නිවසේදීමය. ජීවිතයේ සියලු කටයුතුවලදී  සකසුරුවම වඩාත් අත්‍යාවශ්‍ය දෙයකි. නිවසේදී පමණක් නොව කාර්යාලයේදී වැඩබිමේදී සකසුරුවම හා අරපිරිමැස්මෙන් කටයුතු කරන්නම් ඔබේ ඉදිරි අනාගතය සරු කර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම එය රටේ අනාගතයකට ශක්තිමත් අඩිතාලමක් වෙයි.

Tuesday, July 24, 2018

මානසික ආතතියෙන් මිදී නිරෝගිමත් දිවියකට..



නිරෝගිමත් දිවියක් සඳහා කායික මෙන්ම මානසික සුවතවයද අත්‍යවශ්‍ය සාධකයකි. යහපත් මානසික තත්ත්වයක් නොමැති වූ විට ඔබේ ශරීරය ද නිරන්තරයෙන් රෝගී විය හැකියි. යහපත් මානසික සෞඛ්‍ය යනු පුද්ගලයකුගේ හැගීම් හා මානසික ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම මත ගොදනගේන්නාවූ සංකල්පයකි.
මිනිසාට ඇතිවන මානසික රෝග අතුරින් මානසික ආතතිය සේම පුද්ගලයෙකුටම යම් ප්‍රමාණයකට හෝ පවතින්නකි. මානසික ආතතිය සරලවම දැක්වුවහොත් එය මිනිසාට ඇතිවන ස්වභාවික හැගීමකි. මනසේ ඇතිවන විවිධ චිත්තවේගයන් ඔස්සේ මෙම තත්ත්වය ඇති විය හැකියි. ආතතිය ඇතිවීමට බලපාන හේතු සාධකයන් පිළිබඳව සලකා බැලීමේදී එම හේතුන් පුද්ගලගෙන් පුද්ගලයට වෙනස් විය හැකි බවත් ඒවා හඳුනාගැනීමේ අපහසුතා පවතින බවත් හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් පුද්ගලයෙකුට පවතින විවිධ ජිවන ගැටළු, රෝග තත්ත්වයන්, ආර්ථික ගැටළු, පවතින සබඳතා ආශ්‍රිත ගැටළු ආතතිය ඇති කිරීමට මුල්වන පොදු කරනා කිහිපයකි. ඉගෙනීම් කටයුතු වල දී සිටින අතරුන තරුණියන්ට ඉගෙනීම් ගැටළු, විභාග, පැවරුම් කටයුතු, තරගකාරිත්වය සමාජයෙන් ඇතිවන විවිධ බලපෑම් මෙයට හේතු වේ. මෙවැනි තත්ත්වයන් සියදිවිනසා ගැනීම් දක්වා බලපෑම්කාරී විය හැකියි.
ආතතිය මානසික රෝගයක් ලෙස හැඳින්වුවද එය යම් ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වන අවස්ථාද පවතී. පුද්ගලයෙකුට ක්‍රියාශීලිව මානසික එකග්රතාවයෙන් යුතුව ක්‍රියා කිරීමටත්, පරික්ෂකරිව හා උද්යෝගිමත්ව කටයුතු කිරීමටත් අවශ්‍ය සහය ලබාදෙන්නේ ආතතිය මගින් බව ඔබ දන්නවද? එහි දී ඔබගේ ශරීරයේ කොටිසොල් (Cortisol), අඩ්රිනලින්(Adrenaline), සහ නොරද්රිනලින් (Noradrenaline) යන හෝමෝනයන් වැඩිපුර ශ්‍රාවය වී රුධිරයට එකතු වීම නිසා එමගින් මානසික පීඩනය සහ අවධානම මත කටයුතු කිරීමට ශරීරය හැඩගැස්වයි.



නමුත් දිගින් දිගටම මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එය ශරීරයේ රෝග ලක්ෂණ වලට හේතුවේ. එසේ ඇතිවන දිගු කාලින මානසික ආතතිය නිසා අධික රුධිර පීඩනය, අංශභාගය, හදවත් රෝග,දියවැඩියාව, ගැස්ට්‍රිටිස් සහ ආමාශගත තුවාල, විශාදය, අසාමාන්‍ය බිය, ප්‍රතිශතය අඩු වීම, ලිංගාශ්‍රිත රෝග ආදී දිගු කාලින රෝග තත්ත්වයන්ට හේතු පාදක වෙයි. මෙවැනි රෝගී තත්ත්වයන් නිසා මානසික ආතතිය මාරාන්තික විය හැකියි. අතතියේදී රුධිරයට එකතුවන කොටිසොල් හෝමෝනය යම් ප්‍රමාණයකට වාසි ඇති කරන අතරම දිගුකාලීනව එය අයහපත් ප්‍රතිපල ගෙන එයි. කෙටිකාලීනව රුධිරයේ කොටිසෝන් මට්ටමේ ඉහළ යාමේ ප්‍රතිපලයක් ලෙස කෙටිකාලීන මතකය වැඩි දියුණු වීම, ප්‍රතිශක්තිය වැඩි වීම, ශරීර වේදනාවල සංවේදීතාවන් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම, ශක්තිය වැඩි කිරීම සිදුවේ.නමුත් දිගු කාලීනව රුධිර කොටිසොල් මට්ටම ඉහළ අගයක් ගැනීමෙන් අතුරු ආබාධ හැ සංකුලතා ඇතිවීමට මගපාදයි. මෙය තරබාරුකම ඇතිවීමට ද හේතුවකි. තරබාරු බව නිසා උදරයේ මේදය තැන්පත් වීම, කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර නාල සිහින් වීම මේ හේතුවෙන් හදවත් රෝග වලදිමටද ඉඩකඩ ඇත.

මෙලෙස නොයෙකුත් හේතුන් නිසා දිගුකාලින මානසික ආතතිය ඉතා මාරාන්තික තත්ත්වයකි. මේ නිසා මානසික ආතතිය පාලනය කර ගත යුතුයි.දෙනික ජීවිතයේදී ඔබට නිත මනසට වදදෙන ක්‍රියාවන් හා සිතුවිලි පාලනය කරගැනීම හා ආතතියට හේතුවන ගැටළු වෙනස් කර ගැනීමටත්, එවැනි ආකාරයේ අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වන ක්‍රමවේදය වෙනස් කරගැනීමටත් ඔබට හැකියාව පවතින්නේ නම් ආතතිය නිසිලෙස පාලනය කල හැකිය. බොහෝ දෙනෙක් මානසික ආතතිය පාලනය කරගැනීමට යොදාගන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන උපායමාර්යි. දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සමාජයෙන් හුදෙකලා වීමට පුරුදු වීම, අධික ලෙස ආහාර ගැනීම හෝ අධික ලෙස නිදාගැනීම අඩිය එවැනි අයහපත් ක්‍රමවේදයන්ය. සමහර පුද්ගලින් සියදිවි නසගනිමට පවා පෙළඹෙන්නේ මෙවැනි අහිතකර ක්‍රමවේද ආතතිය පාලනයට යොදා ගැනීම නිසයි.

මානසික ආතතියට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙන ක්‍රියාකාරකම් සඳහා යොමු වීමෙන් එය ඇතිවීම මගහරවා ගැනීමට හැකියාව ඇත. ප්‍රයෝගිකව ඔබගේ මනස ලිහිල් කරන විනොදන්ෂවලට කාලය වෙන්කරවා ගැනීම ආතතිය පාලනය කිරීමට උපයෝගී කරගත හැකිය. පිහිනීම, බයිසිකල් පැදීම, සංගීතය රස විදීම, පොත් කියවීම ආදී විනෝදාංශ ඔබේ මනස නිරවුල් කරයි. එමෙන්ම තමාට ළඟාවිය හැකි ඉලක්ක පමණක් ලඟාකරගැනීමට උත්සහ කල යුතුයි. ක්ෂණික කෝපය නිසා  ඔබගේ ආතතිය තව තවත් වැඩිදියුණු  වන බැවින් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ආගමික නැඹුරුව වැදගත් වේ. භාවනාව,ශ්වසන ව්‍යායාම වැනි ක්‍රම මගින් ඔබේ මනස ලිහිල් කර ගැනීමය හැකියාව පවතී. මෙවැනි මානසික ආතතිය පාලනය කරන උපක්‍රමයන් යොදාගනිමින්, මානසික අතතියේ පීඩනයෙන් මිදී නිරෝගිමත් තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්න.

Sunday, July 15, 2018

වත්මනේ හිස ඔසවන දන්ත රෝග




මිනිසෙකුගේ සුන්දරත්වය සඳහා ආකර්ෂණීය සිනාවෙන් ලැබෙන්නේ අසීමිත පිටිවහලක්. කෙනෙකුට සුන්දර පියකරු සිනහවකින් තවත් කෙනෙකුට සංග‍්‍රහ කිරීමට හැකියාව ලැබෙන්නේ නීරෝගි දත් දෙපළකිනි. දත් නරක් වී විවිධ දන්ත රෝගවලින් පෙළෙන්නේ නම් විවිධ අවස්ථාවලදී ඔබ අපහසුතාවට ලක් වීමට ඉඩ ඇත. මේ නිසා මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ. 

මිනිස් මුඛයේ සුලබව දකින්නට ලැබෙන රෝගී තත්ත්වයන් කීපයකි.

(1* මුඛ පිළිකා 
(2* මුඛයේ ආසාදන තත්ත්ව 
(3* විදුරුමසේ ඇතිවන රෝග 
(4* දත් කුහර ඇතිවීම
(5* දත් දිරායාම

වර්තමානයේ වැඩිපුරම කතාබහට ලක් වන්නේ මුඛ පිළිකා ගැනයි. මෙම රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප‍්‍රතිකාර නොකිරීමෙන් එය තවදුරටත් පැතිරීමට, දිගුකල් වේදනා ගෙන ඒමට මෙන්ම අවසානයේදී මරණයට පවා හේතු විය හැකිය. දිව, මුඛයේ පතුල, මෘදු තල්ල, තොල්, විදුරුමස හා දිවේ පිටුපස යන ප‍්‍රදේශ වඩාත්ම මුඛ පිළිකාවට භාජනය විය හැකි ප‍්‍රදේශයි. 

පිරිමි පාර්ශ්වයට මෙන්ම වයස්ගත පුද්ගලයන්ට මුඛ පිළිකා අවදානම වැඩි බවක් දක්නට ලැබේ. සිගරට්, සුරුට්ටු, පයිප්ප හෝ බීඩි ලෙස දුම්පානය, බුලත්විට සමඟ හෝ බුලත්විට නොමැතිව කරන දුම්කොළ සැපීම, දුම් කුඩු ඉරීම යන කුමන ආකාරයකට ඇබ්බැහි වුවද මුඛ පිළිකා ඇතිවීමට හේතු කාරක වශයෙන් සැලකේ.  

මුඛයේ ආසාදන තත්ත්වයක් ඇති වන්නේ මුඛය තුළ දිලීර, බැක්ටීරියා, වෛරස් වල ක‍්‍රියාකාරීත්වයක් ඇති කිරීම නිසායි. මේ නිසා මුඛය තුළ තුවාල ද ඇති කරයි. මුඛයේ තුවාල හට ගැනීම විශේෂයෙන්ම අවුරුදු 16 x -25 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර සුලභ වේ. HIV ආසාදිතයන්ගෙන් හරි අඩකට වඩා මුඛයේ දිලීර, බැක්ටීරියා හෝ වෛරස් ආසාදිත පුද්ගලයින් වන බව දැනට සොයාගෙන ඇත. මුඛ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් එය හෘද රෝග, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියා වැනි රෝග ද ඇතිවීමට වැඩි අවදානමක් ඇත.




මැදි වයසේ පුද්ගලයන් 15 x -20% අතර ප‍්‍රතිශතයක් දරුනු විදුරුමස් රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳී. ප‍්‍රතිකාර ලබා නොගතහොත් විදුරුමස් දියවී යාමටද ලක්විය හැකිය. විදුරුමස් ආශි‍්‍රත ව රෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතුව වන්නේ දන්ත පථ ඇති වීමයි. මෙය විදුරුමස අශි‍්‍රතව ඇතිවන පටලයකි. විදුරුමස් රෝග ඇති වූ විට විදුරුමස් වලින් රුධිරය වහනය වීමත්, විදුරුමස ඉදිමීමටත්, දත් බුරුල් වීමටත් පටන්ගනී. අවසානයේ දී අකලට දත්්හැලීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම රෝගී තත්ත්වයයි.

නියමිත ලෙස දත් පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ලෝකයේ 60x90% පමණ පාසල් යන වයසේ පසුවන සිසුන් මෙන්ම වැඩිහිටියන් අතර ද දත් කුහර ඇතිවීමේ රෝගී තත්ත්වය බහුලව දක්නට ලැබේ. මුඛ කුහරය ආශ‍්‍රිතව අඩු ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණයක් පවත්වා ගැනීමෙන් දත් කුහර ඇතිවීම වළක්වා ගත හැකි වේවි.

දත් දිරායාම ද අද මුඛය අශි‍්‍රතව ඇති සුලභ රෝගයකි. දත් දිරායාමට මුල්වන්නේ නිතර නිතර ගන්නා පැණි රස ආහාරපානයි. මේ නිසා දිරායාමෙන් වැළකීමට කළයුතු හො`දම උපක‍්‍රමය වන්නේ සීනි අඩංගු ආහාර පාන අවම කිරීමයි. දතක් දිරීමට අරම්භ වන්නේ දත මතුපිට තිබෙන ආම්ලිකතාවය වැඩි වූ විටයි. ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක් භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟ හරවාගත හැකිය.




Sunday, July 1, 2018

සාර්ථක දිවියකට ධනාත්මක සිතුවිලි..






තරගකාරී ලෝකයේ ඔබ අප සියලූදෙනාගේ ම අපේක්ෂාව වන්නේ සතුටින් ජිවත් වීමට සුදුසු පරිසරයක් නිර්මාණය කර ගැනීමටයි. මේ නිසා මිනිසා ජිවන තත්ත්වය උසස් මට්ටමක් දක්වා ගෙනයාමට විවිධ වැර වෑයම් දරයි. ඒ අතර ඇතැමෙකු ජිවත් වීමට උත්සහ කරයි. තවත් පිරිසක් ව්‍යාපාර කටයුත්තක් මහා පරිමාණ ලෙස ආරම්භ කර සේවකයින් ද විශාල සංඛ්‍යාවක් සේවයෙහි යොදවමින් ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යයි. තවත් පිරිසක් කිසිදු ආර්ථික කටයුත්තක නොදී සිඟමන් යදිති.

මිනිසුන් මෙලෙස වෙනස් වන්නේ ජිවින අරගලය ජය ගැනීමට දරනු ලබන උත්සාහයන් මත මිස කිසිවෙකුත් ඒ තුලින් ඔහු අසාර්ථක ද යන්න වෙන් කර දැක්විය නොහැකිය. ඔවුන්ගේ ක‍්‍රියාකලාපය වෙනස් වන්නේ ඔවුන් දරන්නාවූ අකල්පමතයි. මෙම ආකල්ප පුද්ගලයෙකු තුල ධනාත්මක මෙන්ම රිනාත්මක ආකල්පයකින් යම් කටයුත්තක් ඇරඹීමෙන් කිසිම විටෙකත් එම කාර්යය සාර්ථකභාවයට පත් නොවේ. යම් කටයුත්තක් ආරම්භ කිරීමට ප‍්‍රථම ඒ පිලිබඳ දැඩි විශ්වාසයකින් හැ උනන්දුවකින්, නිවැරදිව සැලසුම්සහගතව ආරම්භ කරන  ඕනෑම කර්තව්‍යක් සාර්ථකවේ. ඒ සඳහා අවශ්‍යවන්නේ ධනාත්මකව සිතීමයි. තමාගේ කාර්යය නිර්මනශිලිව ඵලදායිව ඉටු කරගන්නේ කෙසේද යන්න සිතීම මෙහි දී මුලිකවනු ඇත.

ධනාත්මක චින්තනය යනු ජිවිතයේ කුමන අවස්ථාවකදී වුවද ඒ දෙස සුභාවදිව බැලීමයි. උදාහරණයක් ලෙස යම්කිසි කෙනෙකු තීරණාත්මක විභාගයකින් අසමත් වූවායැයි සිතන්න. එවැනි විටක දී බොහෝ දෙනෙක් කරනුයේ ඒ පිළිබඳව සිත සිතා ලතවිමයි.අවසානයේ දී ජිවිත හානි කර ගැනීම් සිදුවන්නේද මෙම ලතවීම් හේතුවෙනි. සත්‍ය වශයෙන්ම එවැනි ජීවිතය අසාර්ථක වූ තැන් පිළිබඳව කල්පනා කර කර සිටීමෙන් සිදුවන්නේ තමන්ගේ වටිනා කාලය අපතේ යැවීමයි.ඒවගේමයි ඉදිරි කාර්යයන් සඳහා ද ඔබ නිරායාසයෙන් ම දුර්වලවිමයි. යම් හෙයකින් ඔබ විභාගය අසමත් වුයේ නම්, නැතිනම් ඔබ සිත සිටි අන්දමින් විභාගයට මුහුණදීමට නොහැකි වුයේ නම් ඉදිරියට ඔබ කලයුතුවන්නේ ඔබේ හැකියාවන් මත දක්ෂතාවයන් මත ඔබට ජීවිතය ජය ගැනීමට සුදුසු මාර්ගයක ගමන් කිරිමට උත්සහ කිරීමයි, 



ධනාත්මක චින්තනය නැතිනම් සුභවාදී ආකල්ප මිනිසාට උපකරිවන්නේ ජීවිතය ජයගනිමටයි.
ඉගෙනගන්න වයසේ සිටින සිසුන් තුල දකින්නට ලැබෙන අයහපත් සිතිවිල්ලක් තමයි ” මට මේක කරන්න බෑ ” මේක හරියන්නේ නෑ ” කොච්චර මහන්සිවුනත් ප‍්‍රතිපලයක් නෑ ” ආදී වශයෙන් වූ මතයන් වල එලිබසිටීම.මෙවැනි දුර්මත වලින් මිදී යහපත් සිතුවිලි වර්ධනය කර ගනිමින් තමාගේ කටයුතු සාර්ථක කරගන්නේ කොහොමද?

මුලින්ම ඔබ සිතිය තුත්තේ තමන් ස්වාධින පුද්ගලයෙකු ලෙසටයි. අද බොහෝ දෙනෙකුට පවතින ගැටළුවක් තමයි තාමත් අනාගතයේ දී ලන්ගාවිමට හැකි ඉලක්කයක් අරමුණක් නොමැතිවීම.මේ නිසා තමා කල යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න අද බොහෝදෙනෙක්ට හරි හැටි වැටහීමක් නොමැත. විශේෂයෙන් ම පාසල් යන වයසේ දරුවෙකුට කුඩා අවදියේ දී ඇතිවන ”මම වයිද්යවරයෙක් වෙනවා” මම ඉංජිනේරුවරයෙක් වෙනවා” යන හැගීම් පසු කාලයේදී වියැකී යන බව දක්නට ලැබේ. බය තරහව, පාළුව, තනිකම මුල් කර ගනිමින් ඇතිවන සිතුවිලි ඔබව නොමඟ යවන ක‍්‍රියාකලාපයන්ට යොමුවීමට ඉඩ නොදෙන්න.හැමවිටම මට මේ වැඬේ කරන්න පුළුවන්. මට මේ තැනට යන්න පුළුවන් ලෙස සිතීමෙන් ඔබේ අරමුණු ජයගැනීමට උත්සහවන්ත වන්න. 

හැමවිටම සුභවාදී සිතුවිලින්වලට ඔබේ සිත නිරාවරණය කරන්න.ඉගෙනීම් කටයුතුවලදී ගුරුවරුන් ලබාදෙන අභියෝගය සතුටු සිතින් භාර ගැනීමට හැකියාව පවතී නම් එය ඔබ ලබන ජයග‍්‍රහණයකි.යම් කාර්යභාරයක් ආරම්භ කිරීමට පෙර සිටම ”අනේ මට මේ වැඬේ කරන්න බැහැ” වැනි අසුභවාදී වචන වලින් දුරස් වී ” මේ වැඬේ මට හැකි උපරිමයෙන් කරනවා”යන හැඟීමෙන් යුතුව වැඩ කරන්න පටන් ගන්න.අදට කටයුත්ත ආරම්භයේ මෙන්ම වැඩෙහි නිරත වන අතරතුරේ දී ද, අවසානය දක්වාද මෙම සුබවාදී සිතුවිල්ල පවත්වාගෙන යාමෙන් නියත වශයෙන්ම ඔබට සාර්ථක ප‍්‍රතිපල අත්කර දෙනු ලබයි.සමහර අවස්ථාවලදී ඔබේ කරයුතු අතරතුරේදී විවිධ වූ,අවහිර බාධා ඇතිවන්නට පුළුවන්.  ඒ සැම අවස්ථාවලදීම නොසැලී එම ගැටලූවලට විසදුම් සොයමින් උනන්දුවකින් හා විෂවාසයකින් කටයුතු කරන්න. ධනාත්මක සිතුවිලි තිබෙන කෙනෙකු අතින් වුවද යම් අත්වැරදීම්, අතපසුවීම් තිබෙන්නට පුළුවන්.වඩාත් වැදගත්වන්නේ එම වැරදි විශ්ලේෂණය කර බලමින් අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීමයි.

සැම දිනකම උදෙසන අවදිවන විට අද දිනය මට ප‍්‍රීතිමත් සාර්ථක දිනයක් වනවා යන සිතුවිල්ල ඇති කරගන්න. ඔබ විභාගයකට පාඩම් කරන සිසුවෙකු නම් එවැනි ප‍්‍රබෝධමත් සිතුවිල්ලකින් වැඩ කටයුතු ආරම්භ කිරීමට උත්සහ කරන්න. 
යථාර්තවාදීව සිතමින් ඔබ ඔබගැන විශ්වාසදායි සිතුවිලි ඇති කරගත යුතුයි. එසේ නොවන්නට ඔබේ අධ්‍යාපන ඉලක්ක පමණක්නොවේ  අනාගත ඉලක්ක සාර්ථක කරගැනීමට නොහැකි තත්ත්වකක් ඇතිවිය හැකියි. තමාට ලඟින් සිටින තමන්වත් විශ්වාස නැති විටෙකදී කටයුතු කරන්නේ කොහොමද? මේ නිසා ඔබ කෙරෙහි විශ්වාසය තැබීම වැදගත්.

එමෙන්ම ජිවිතයේ සේම කටයුත්තකදී ම ඔබ ගන්න තීරණ වෙනුවෙන් ඔබම නැගී සිටින්න.බොහෝදෙනේකු ගන්න තීරණ පිලිබඳ විශ්වාසයක් නොමැති වන්නේ මේවනතෙක් ගත්තු තීරණ වලින් යහපත් ප‍්‍රතිපලයක් ගෙන නොදුනු නිසාවෙනි.සිතෙහි දෙගිඩියාවෙන්,හිතුමනාපෙට ගන්නා තීරණ අපව හරිමගකට යොමු නොකරයි.අන් අයගේ කියුම් කෙරුම් වලට යට නොවී තමාට යහපත් තීරණයක් ස්වාධීනව සිතාබලා තීරණය කරන්න. ජිවිතයේ පරාජයන් හමුවේ බිය නොවී එය අත්දැකීමක් වශයෙන් අනාගත ජිවිතයට එක් කරගන්න.

සෑම ජිවිතයකම පරාජයන් ඇද වැටීම් බහුලයි. ලොව දිනු පුද්ගලයින්ගේ ජිවිත දෙස බැලූ විට පසක් වන්නේ ඔවුන්ගේ ජීවිතද අනන්තවත් ඇද වැටීම් වලින් බහුලවී ඇති බවයි. නමුන් අපට වඩා ඔවුන් වෙනස් වන්නේ ඔවුන් ඒ පරාජයන් මතින් නැගී සිට ජීවිතය දෙස ධනාත්මක ආකල්පයකින් බලා ජීවිතය ඉදිරියට ගෙන ගිය නිසාවෙනි.



Monday, June 25, 2018

ණයවෙන්නේ නැතුව ණයපතක් භාවිත කරමු




ක්‍රෙඩිට් කාඞ් භාවිතය නිසා අපේ එදිනෙදා ජිවිතයේ මුදල් ගනුදෙනු ඉතා පහසුවක් වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් ඩෙබිට් කාඞ් භාවිත කළාට ක්‍රෙඩිට් කාඞ් ගැන ලොකු අවබෝධයක් නැහැ. ක්‍රෙඩිට් කාඞ් නැතිනම් ණයපත් භාවිතයට සමාජයේ කොටසක් තරමක බියක් ද දක්වනවා. ඒ කෙසේ වෙතත් ක්‍රෙඩිට් කාඞ් කියන්නේ ගොඩක් ප‍්‍රයෝජන ගන්න පුළුවන් දෙයක්. හරි විදියට පාවිච්චි කරනවා නම් විශාල වාසි අත්විඳින්නත් පුළුවන්.

ක්‍රෙඩිට් කාඞ්වල ආරක්ෂාව සහ පහසුව  මිනිස්සු එයට ආකර්ෂණය වෙන්න හේතුවක් වෙනවා. අපේ වැටුප වගේ කිහිපගුණයක මුදලක් අවශ්‍ය  ඕනෑම වෙලාවක වියදම සඳහා යොදාගත හැකිවීම ණයපතක් අපේ අතේ තිබීමෙන් අපට ලැබෙන ප‍්‍රයෝජනයයි. ක්‍රෙඩිට් කාඞ් එකකින් සිදු කරන්නේ බැංකුව මඟින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියාට ණය මුදලක් ලබාදීමයි. ඒ ණය මුදල භාවිතයෙන්  ගෙවීමක් සිදු කර ඒ මුදල පොලියක් නැතිවම ගෙවන්න ඔබට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් විදියට ඔබ ජනවාරි පළමුවෙනිදා යම් ගෙවීමක් කරලා භාණ්ඩයක් මිලදී ගන්නවා, මේ ගෙවීම ඔබේ බිලට එකතු වෙන්නේ ජනවාරි 21 වෙනිදායි. ඒ දිනයේ සිට තවත් මාසයක කාලයක් (දින 30ක්* කාලයක් ලැබෙනවා. එවිට ඔබට අමතර පොලියක් නොගෙවා දින 51ක ගෙවීම් සඳහා මුළු කාලසීමාවක් ලැබෙනවා. කාඞ්පතෙන් යම් භාණ්ඩයක් ගත් විට ඔබට කෙටි කාලපරිච්ෙඡ්දයකට ගෙවීම් සම්බන්ධයෙන් යම් සහනයක් දී තිබුණත් එය අවසන් වූ විගසම ඔබේ ණයට, පොලී එකතු වෙන්න පටන්ගන්නවා. ක්‍රෙඩිට් කාඞ්පත්වලට සෑහෙන ලොකු පොලියක් එකතු වන බවත් අමතක කරන්න එපා.
කොහොම වුණත්, ක්‍රෙඩිට් කාඞ්පතක් තිබීම ප‍්‍රයෝජනවත් විය හැකි බව නොකිවමනාය. හදිසි අවශ්‍යතාවක් පැන නඟින අවස්ථාවලදී හෝ අතේ මුදල් රැුගෙන යෑම ඒ තරම් සුදුසු නැති අවස්ථාවලදී එය විශේෂයෙන්ම ප‍්‍රයෝජනවත් වෙනවා. මෙය එක්සත් ජනපදයේ මෙන්ම වෙනත් රටවල වැසියන් අතර ක්‍රෙඩිට් කාඞ්පත් ජනප‍්‍රිය වීමට එක් හේතුවක්. නමුත් ක්‍රෙඩිට් කාඞ්පත ඥානවන්තව භාවිත නොකළොත්, ආර්ථිකමය වශයෙන් ගොඩ ඒමට බැරි උගුලකට අප හසු විය හැකියි.

අපි ලබාගන්න හැම ක්‍රෙඩිට් කාඞ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් ගෙවන්න  ඕනෙ. එය එක් එක්  බැංකුවේ  කාඞ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 සිට 5000ක් හෝ ඊට වැඩි වෙන්නත්  පුළුවනි. 

පොඩි ණය මුදලක් එක රැුයකින්ම විශාල එකක් බවට පත් විය හැකියි. වැඩි කල් නොගොස්, මාසිකව ඔබ ගෙවන අවම මුදල නිකම්ම පොලිය පියවීමක් බවට පත් වෙනවා. මෙවැනි මූල්‍යමය උගුලකට හසු නොවීම සඳහා ක්‍රෙඩිට් කාඞ්පත ඥානවන්තව භාවිත කිරීමට ගන්න  පියවර මොනවාද?
ඔබ ක්‍රෙඩිට් කාඞ්පතෙන් ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන්  හොඳ මතකයකින් සිටිය යුතුයි. මාසිකව ලැබෙන ප‍්‍රකාශනය දෙස සුපරීක්ෂාකාරිව බලමින් එහි යම් නොගෙවිය යුතු මුදලක් වැටී ඇද්දයි බලන්න. හැකි සෑම අවස්ථාවකදීම විශාල පොලියක් එකතු වීමට ඉඩ නොදී සම්පූර්ණ ණය මුදල එකවරම පියවන්න වෑයම් කරන්න.


මිතුරෙකුට වුණත් තම ක්‍රෙඩිට් කාඞ්පත භාවිතයට දෙන්න එපා. ක්‍රෙඩිට් කාඞ්පත අනිසි ලෙස භාවිත කළොත් අමාරුවේ වැටෙන්නේ අයිතිකරු මිසක් වෙන කිසිවෙක් නොවෙයි. 
ක්‍රෙඩිට් කාඞ්පතකින් යම් භාණ්ඩයක් ගත් විට, කාසි හා නෝට්ටු භාවිත නොකළත් ඔවුන් ඇත්තෙන්ම වැය කරන්නේ මුදල් බව  මතක තබාගන්න. ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුණාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඞ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැුඳෙන දිනයකට යොදාගන්න. ක්‍රෙඩිට් කාඞ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවා නම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න.
අමතර පොලී වලින් වැළකෙන්න නම්  කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. හැකි හැමවිටම මුදල් භාවිත කරන්න.

ඔබට දැන් ක්‍රෙඩිට් කාඞ්පතක් තිබෙනවා නම්, එහෙමත් නැත්නම් ළඟදීම එකක් ලබාගැනීමට ඔබ තීරණය කර තිබෙනවා නම්, එයින් අත් කරගත හැකි ප‍්‍රයෝජන මෙන්ම එයින් ඇති විය හැකි අවාසි ගැනද හොඳ අවබෝධයක් ඇතුව සිටින්න


Friday, June 15, 2018

අධිවේගී මාර්ගයේ මෝටර් රථ ධාවනය කරන ඔබට..




ලංකාවට අධිවේගී මාර්ග හඳුන්වාදී කාලයක් ගතවුවත් මාර්ග නීති උල්ලංඝණය වීම් මෙන්ම, හදිසි අනතුරු බහුල වශයෙන් සිදුවේ. අධික වේගයෙන් රිය පැදවීම, අපරීක්ෂාකාරී රිය පැදවීම, වමෙන් නොපැදවීම, ආසන පටි නොපැළඳ ධාවනය කිරීම වැනි ක‍්‍රියා නිසා රියදුරන් විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්ථා වෙයි. ඉතා පහසුවෙන් ගමනාන්තය කරා ළඟාවීමට අද බොහෝ දෙනා භාවිතා කරන්නේ අධිවේගී මාර්ගයයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනය කරන ඔබ සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.

ඔබගේ වාහනය පැයට කිලෝමීටර් සියයයේ වේගයෙන් ධාවනය කළ නොහැකි තත්ත්වයක පවතින්නේ නම් වාහනය අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමෙන් වැළකීම වැදගත්. එනම් අධිවේගී මාර්ගයේ වාහනය ධාවනය කිරීමට පෙර ඔබේ වාහනය හොඳ කාර්මික තත්ත්වයක පවතීද නැද්ද යන්න පිළිබඳ දැන සිටිය යුතුයි. එය ඔබගේ ජීවියතට මෙන්ම තවත් ජීවිත කිහිපයකට පවතින අනතුරු අවධානම අවම කර ගැනීමේ මාර්ගයකි.

එමෙන්ම අධිවේගී මාර්ගය යනු ඔබගේ වාහනයේ තත්ත්වය උරගා බලන හෝ වේගයෙන් ධාවනය කළ හැකි ඔබගේ හැකියාවන් උරගා බලන ස්ථානයක් නොවේ. සාමාන්‍ය මාර්ගයකදී මෙන් නොව අධිවේගී මාර්ගයේදී වාහනය හැසිරවිය යුතු ආකාරය වෙනස් බව මතකතබා ගතයුතුයි. මාර්ගයේ සිදුවන යම් අවස්ථාවකට ප‍්‍රතික‍්‍රියා දැක්වීමට ඇති කාලය ඉතා සීමිත වෙයි. මේ නිසා ඉතා අවධානයෙන් යුතුව වාහනය ධාවනය කිරීම හදිසි අනතුරු වළක්වා ගැනීමට මගපාදයි.

අධිවේගී මාර්ගයේ ගමන් කරන විට වාහනයේ ඉදිරිපස දෙදෙනා මෙන්ම පිටුපස සිටින සියලූම දෙනා සීට් බෙල්ට් පැළදීම අනිවාර්යෙන් කරන්න. එමෙන් කුඩා දරුවන් රැුගෙන යන විටද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඔවුන් සඳහා සීට් බෙල්ට් හෝ බූස්ටර් සීට් (Booster Seat) පාවිච්චි කිරීම සුදුසු වෙයි. අධිවේගී මාර්ගයේදී දරුවන් උකුළ උඩ රැුගෙන යාමෙන්ද වැළකිය යුතුයි.



එමෙන්ම ඔබ ඉදිරියේ ඇති වාහනයක් ඉස්සර කිරීමට බලාපොරොත්තු වෙනවා නම් ඔබ භාවිතා කළ යුත්තේ වම්පස මංතීරුවයි. එසේ කිරීමෙන් ඔබට පිටුපස වාහනයට ඔබව පසුකර ගෙන යාමට දකුණු පස මංතීරුව භාවිතා කළ හැකිය.

ඉදිරියේ ඇති වාහනයක් ඉස්සර කිරීමට යාමේදී කළ යුතු පිළිවෙලක් පවතී. මුලින්ම ඔබ වාහනයේ දකුණට සිග්නල් දමා තත්පර තුනක් වම් මංතීරුවේ ධාවනය කරන්න. තත්පර තුනක සිග්නල් දැමීමේ කාලය ඇතුළත දී ඔබට පිටුපසින් දකුණු මාර්ගයේ වාහනයක ඔබට ඉස්සර කිරීමට පැමිණෙනවාදැයි බැලීමට හැකියාව ලැබෙයි. දකුණ මංතීරුවේ වාහන නොමැතිනම් ඔබගේ වාහනය දකුණු මාර්ගයෙන් ඉදිරියට ධාවනය කරන්න. ඔබ ඉස්සර කරනු ලැබූ වාහනයේ ඉදිරිපස ඔබගේ වාහනයේ පිටුපස බලන කණ්ණාඩියෙන් පෙනෙන තෙක් ඉදිරියට ගොස් වමට තත්පර තුනක් සිග්නල් කර වම් මංතීරුවට වාහනය ගන්න. මෙවැනි ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීමෙන් රිය අනතුරු වළක්වා ගැනීමට හැකියාව ලැබෙයි.

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී සැළකිලිමත් වියයුතු තවත් වැදගත් කරුණක් මේ ඔබගේ රථය සහ ඔබට ඉදිරියෙන් ඇතිි රථය අතර සෑම විටම තත්පර දෙකක දුරක් පවත්වාගෙන යාමයි. හදිසියේ ඉදිරි වාහනයේ වේගය බාල වුවහොත් ඒ සඳහා ප‍්‍රතිචාර දැක්වීමට පිටුපස ඇති ඔබේ වාහනයට ඇති තරම් වේලාවක් ලබා ගැනිීමට මෙමගින් හැකියාව ලබාදෙයි.

අධිවේගී මාර්ගයේදී ඔබගේ වාහනය කාර්මික දෝෂයකට ලක්වුවහොත්??? ධාවනය අතරතුර වාහනය නැවතුණහොත් වාහනය හැකි තරම් වමට ගෙන මාර්ගයෙන් අයින් කර තබා වාහනයටමවී සිටින්න. වාහනයේ හැසට් ලයිට් දල්වන්න. පාලන මධ්‍යස්ථානයට ඇමතීමට අවශ්‍ය නම් ඉක්මනින් එම කටයුත්ත ඉටුකර වාහනය තුළටම වී සිටිය යුතුයි. හුළං ගිය රෝද මාරු කිරීමට හෝ අනෙකුත් වාහන නැවැත්වීමට යාමෙන් වළකින්න. 



මෝටර් රථයේ අනාගතය...




අද ලෝකය විවිධාකාරයෙන් වෙනස්වීම්වලට භාජනය වේ. එදා පැවතුණු දෙය අද වෙනස්වන්නට ගත වන්නේ ඉතා කෙටි කාලයකි. අද සොබාදහම පවා ක‍්‍රමක‍්‍රමයෙන් වෙනස්වීම්වලට භාජනය වෙමින් පවතින්නකි. තාක්ෂණය ද එවැනි නිරන්තරයෙන් වෙනස් වන වැඩිදියුණු වන ක්‍ෂෙත‍්‍රයකි. 18 වන සියවසේ කාර්මික විප්ලවයත් සමඟ ඇති වූ මෙම තාක්ෂණික ප‍්‍රගමනයේ අනාගතය කිනම් ආකාරයකට වෙනස්වීමට ඉඩ ප‍්‍රස්ථාව පවතී ද යන්න සිතා ගත නොහැකි තරම්ය. තාක්ෂණය එතරම් ක්ෂණයකින් වෙනස් වන්නකි. 

වර්තමානයේ මෝටර් රථ තාක්ෂණය ද එවැනි වූ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ගෝලීය වශයෙන් වැඩිදියුණු වන මෝටර් රථ නිෂ්පාදන තාක්ෂණයේ අලූත්ම පෙරළිය ලේසර් කිරණ බලයෙන් ජව ගැන්වෙන මෝටර් රථ තාක්ෂණයයි. චැජරල් 2 එක්ස් වීජිටී නම් වූ මෝටර් රථය නිෂ්පාදනය කිරීමට ඇමරිකාවේ චවර්ලට් මෝටර් රථ නිෂ්පාදන සමාගම සමත් වූවා. අධිවේගී මෝටර් රථ ධාවන තරගවල මෝටර් රථයක පෙනුම ගත් මෙම රථය සාමාන්‍ය මාර්ගයේ ධාවනය කළ හැකි වන පරිදි වෙනස් කිරීමට මෙම සමාගම කටයුතු කරයි. මෙම මෝටර් රථයේ සවි කර ඇති ලේසර් කිරණ ජනකයකින් අති ප‍්‍රබල ලේසර් ස්පන්්ද ද ජනනය කරවා අනතුරුව එම ස්පන්ද ආධාරයෙන් විශේෂ සුළං ජනක යන්ත‍්‍රයක් ක‍්‍රියාත්මක කරවා එයින් උපදින වේගවත් සුළං ධාරා උපයෝගී කරගෙන මෝටර් රථය ධාවනය කරවයි. මෙම සුළංජනක යන්ත‍්‍රයක් අශ්ව බල 900 ක බලයක් ලබාගත හැකි වන අතර මෝටර් රථය සැහැල්ලූ වීම නිසා එයට ක්ෂණික ත්වරණයක් ඇති කරයි. මෝටර් රථයේ රියැදුරාගේ ආසනය නිදා සිටින ඉරියව්වකින් සකස් කර ඇත. එමගින් සාමාන්‍ය අවස්ථාවකදී මෝටර් රථයට එක්කෙරෙන ආම්පන්න ප‍්‍රමාණය අඩු කරගෙන මෝටර් රථය ඉතා සැහැල්ලූ වෙන ලෙස නිර්මාණය කර ඇත. 

නුදුරු අනාගතයේදී මෝටර් රථ භාවිත කරන්නත් අතර විලාසිතාවක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරෙන්නේ ස්වයංක‍්‍රීය මෝටර් රථයි. (Self driving car) පරිගණක ගත කළ කැමරා GPS තාක්ෂණය, පරිසරය තේරුම් ගත හැකි සියුම් සංවේදක ආශ‍්‍රයෙන් මෙම මෝටර් රථ ක‍්‍රියාත්මක වේ. මෙම මෝටර් රථය සඳහා ඉන්ධන අවශ්‍ය නොවන අතර වැඩිපුරම විදුලි බලයෙන් ක‍්‍රියා කරයි. මෝටර් රථය නතර කර ඇති අවස්ථාවලදී ස්වයංක‍්‍රීයව මෝටර් රථය බැටරිය චාජ් කර ගනු ඇත. එමෙන්ම වාහනය ගාල් කිරීමට (parking) සුදුසු තැනක් සොයා  යාමටද අවශ්‍යතාවක් නොමැත. ස්වයංක‍්‍රීය මෝටර් රථය ඔබට අවශ්‍ය ස්ථානයට ගෙන ගොස් ස්වයංක‍්‍රීය වාහනය ගාල් කිරීමට සුදුසු තැනක් සොයා ගනී. සංඥාවක් යැවූ සැණින් නැවත ඔබ සිටින ස්ථානයට මෝටර් රථය පැමිණෙනු ඇත. විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම ස්වයංක‍්‍රීය මෝටර් රථ තාක්ෂණය වැඩිම වාසියක් අත්කර දෙන්නේ විවිධ ආබාධිත තත්ත්වයෙන් පීඩා විඳින පිරිසට බවයි. මොනම විදියක ශාරීරික ආබාධයකින් පීඩා වින්ද ද ඔවුන්ව නිරුපද්‍රිතව අවශ්‍ය ස්ථාන කරා ගෙන යාමේ පහසුකම මෙම ස්වයංක‍්‍රීය මෝටර් රථවලට ඇත. අද වන විට ලොව ප‍්‍රකට මෝටර් රථ සමාගම් ගණනාවක් ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් වූ අරමුදල් ස්වයංකී‍්‍රය මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කිරීමට දැනටමත් කටයුතු සැලසුම් කර ඇත. නොදුරු අනාගතයේදී මෙම අපූර්ව වූ මෝටර් රථයට හිමිකම් කීමට ලොව පුරා ජනතාවට හැකියාව ලැබේවි. මෙම ස්වයංක‍්‍රීය තාක්ෂණය භාවිතයෙන් මිනිස් වැරදි හේතුවෙන් සිදුවන රථවාහන අනතුරු 95‍්‍ර කින් පමණ අවම කර ගැනීමට ද හැකියාව ලැබේ. 


විසි එක් වන ශත වර්ෂයේ මෝටර් රථයේ ඊළඟ විප්ලවීය පෙරළිය වන්නේ පියාසර මෝටර් රථයයි. 1940 දී හෙන්රි ෆෝඞ් විසින් දෙමුහුන් අහස් යාත‍්‍රා සහ මෝටර් රථ අනාගතයේ බිහි වන බවට අනාවැකි පළ කළ ද මෝටර් රථ පාරිභෝගිකයින්ට එය ප‍්‍රායෝගිකව සත්‍යක් නොවීය.Aero Mobil වැනි සුප‍්‍රකට මෝටර් රථ සමාගම් පියාසර මෝටර් රථය ප‍්‍රායෝගික ස්කෑන් කිරීමට විවිධ වූ ව්‍යාපෘති සැලසුම් පර්යේෂණ කරගෙන යයි.Aero Mobil සමාගමට අනුව පළමු පියාසර මෝටර් රථය ආසන දෙකකින් සමන්විත වන අතර එය මෝටර් රථයක් ලෙස මහා මාර්ගයේදී පැයට කිලෝමීටර 160 ක වේගයෙන් ධාවනය වන අතර අහස් යානයක් ලෙස ගුවනේදී පැයට කිලෝමීටර 200ක වේගයෙන් අහසේ පියාසර කරයි. නිවසේ ඇති ගරාජයක වුවද නවතා තැබීමට තරම් කුඩා වන එයට සාමාන්‍ය ඉන්ධනවලින් ධාවනය කළ හැකි වන අන්දමින් නිෂ්පාදනය වෙයි.  ඕනෑම කුඩා බිම් තීරුවක් මත බැස්සවීමට ද හැකියාව ඇති බැවින් එයටම වෙන් වූ ගුවන් යානා මංතීරු අවශ්‍ය නොවන බව මෙම සමාගම තවදුරටත් ප‍්‍රකාශ කරයි. 

වර්තමානයේ මෙවැනි පර්යේෂණ මට්ටමේ පවතින මෝටර් රථ තාක්ෂණය හේතුවෙන් අනාගතයේ සුපිරි මෝටර් රථයක අත්දැකීම විඳින්නට අපට ද හැකියාව ලැබෙනු නොඅනුමානයි.

ෂෙහානි ලියනආරච්චි



Wednesday, April 18, 2018

වසන්තය

වසන්තය 



ගිම්හානය ඔබ යන්න..

රුදුරු කටු ගොහුරු  මැදින්

අනේක විද දුක්  දුන් ඔබ 

යන්න...
නැවත නොඑන්නටම 



වසන්තය... බලාපොරොත්තුවකි 

පිපුණු මල් මැදින් ඇවිද යන්නට 

එක් දිනකට එක් පැයකට 

එක් නිමේශයකට හෝ 
රැගෙන ඒවි ඔහු...

වසන්තය...


-ෂෙ.ලි -

Thursday, April 5, 2018

අවුරුදු චාරිත්‍ර තුළින් ඔප් නැංවෙන සමාජ සබඳතා...



 

අවුරුදු චාරිත්‍ර තුළින් ඔප් නැංවෙන සමාජ සබඳතා...

 


සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණ වන අවස්ථාව නව අවුරුදු උදාව ලෙස හැඳින් වේ. වසරක් ගෙවී නව වසරක් උදාවන අවස්ථාවේදී ඒ හා සම්බන්ධව සිංහල දෙමළ ජනතාවට ආවේණික වූ චාරිත්‍ර, ගති සිරිත්, සංස්කෘතික ලක්ෂණයන් ක්‍රියාත්මක කරයි. ජ්‍යොතිෂයට අනුකූලව මෙලෙස සූර්යයාගේ සංක්‍රමණය සම්බන්ධ කොටගෙන චාරිත්‍ර විධි ක්‍රියාත්මක කළද ඊට එහා බැඳුණු චාරිත්‍ර ධර්ම පද්ධතියක් හා බැඳී පවතී.

සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණ වන අවස්ථාව නව අවුරුදු උදාව ලෙස හැඳින් වේ. වසරක් ගෙවී නව වසරක් උදාවන අවස්ථාවේදී ඒ හා සම්බන්ධව සිංහල දෙමළ ජනතාවට ආවේණික වූ චාරිත්‍ර, ගති සිරිත්, සංස්කෘතික ලක්ෂණයන් ක්‍රියාත්මක කරයි. ජ්‍යොතිෂයට අනුකූලව මෙලෙස සූර්යයාගේ සංක්‍රමණය සම්බන්ධ කොටගෙන චාරිත්‍ර විධි ක්‍රියාත්මක කළද ඊට එහා බැඳුණු චාරිත්‍ර ධර්ම පද්ධතියක් හා බැඳී පවතී.


සිංහල අලුත් අවුරුදු උත්සවයේදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ නැකත් අනුව ක්‍රියාකාරකම් කිරීම සහ චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමයි. අවුරුදු දිනයේ සෑම ගෙදරකම කිරිබතක් ඉදෙන්නේ එකම නැකත් වෙලාවටයි. මුළු රටේම ජනයා මෙසේ එක විටෙකදී නැකත් ඉටු කිරීම සමාජ සාමුහිකත්වය ගොඩනැංවීම සඳහා මහෝපකාරී වනු ඇත. නමුත් අතීතය හා වර්තමානය සසඳා බැලීමේදී මෙම චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා ඉඩකඩ ලැබේද යන්න ගැටලුවකි. වසරක් ගෙවී නව වසරක් උදාවනවා යනු ළමයි තරුණ වීමත් තරුණයින් වැඩිහිටියන් වීමත්, වැඩිහිටියන් මරණයට ආසන්න වීමත් මෙහිදී සිදුවන විපර්යාසයන්ය. මෙම විපර්යාස තුළදී මිනිසුන්ට පැරැණි චාරිත්‍ර වාරිත්‍ර අමතකවී යන්නේ නිරායාසයෙනි. ගම්බද ප්‍රදේශවල තරමක් හෝ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු වුවද නාගරික ජන සමාජයේ එවැන්නක් සිදු නොවන තරම්ය. එදා සමාජයේ වැඩිහිටියන් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට ඇප කැපවී කටයුතු කළහ. නමුත් අද සමාජය ගෙවල් පිරිසුදු කිරීම, අලුත් ඇඳුම් මැසීම, තෑගි බෝග පිරිනැමීම ආදිය පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වයි. 


නව තාක්ෂණයත් සමඟ බැඳී පවතින වර්තමාන අධි සුඛෝපභෝගී ජීවිත හමුවේ මිනිසුන් ඉවක් බවක් නොමැතිව ජීවත්වීම සඳහා මුදල් ඉපයීමට වෙහෙසෙයි. නමුත් ජීවත්වීමේදී අපට ආවේණික වූ ක්‍රමවේදයක් හා ගති සිරිත් අමතක කර දමා නවීන ලෝකය වැළඳ ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. සෑම මිනිසෙක්ම තමාටම අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරයි.


අලුත් අවුරුද්ද තුළ කා බී විනෝද වීම පමණක් ප්‍රමාණවත් නොවන බව මතක තබා ගත යුතුයි. අලුත් ඇඳුම් අඳිමින්, ගෙවල් දොරවල් අලුත් කරමින් අවුරුදු සැමරුමට මිනිසුන්ගේ සිතුම් පැතුම් අලුත් නොවන්නේ නම් එම අවුරුදු සැමරීමෙන් ප්‍රයෝජනයක් ද නොමැත. අලුත් අවුරුදු සමය තුළ දී සමරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර අනාදිමත් කාලෙක සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍රයි. 


සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන වෙලාව නොනගතය ලෙස හඳුන්වයි. ඒ කාලය තුළ වැඩ කටයුතු වශයෙන් යමක් නොකරන අතර පිං කිරීම සුදුසු බව සඳහන් වේ. එම නිසා මෙම නැකත් රහිත කාලය පුණ්‍ය කාලය ලෙස යොදා ගැනේ. ඒ කාලය තුළ මිනිසුන් විහාරස්ථානවලට ගොස් මල් පූජා කිරීම ආගමික වතාවත්වල නියැළීම අලුත් අවුරුද්දේ සුවිශේෂතම කාර්යය ලෙස හැඳින්වීමට පුළුවන. සිංහල බෞද්ධයින් උපතේ සිට විපත දක්වාම ගෙවන කාලය තුළ සියලු කටයුතු තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සුලභ දෙයකි. අලුත් අවුරුද්දේද සිංහල මෙන්ම දමිළ ජනයා මුල් තැන ලබා දෙන්නේ ආගමික චාරිත්‍ර සඳහායි. මේ තුළින් නැතිවී යන ගුණධර්ම නැවත අලුත්වීම අමතක වී යන චාරිත්‍ර ධර්ම නැවත අලුත්වීම සිංහල අවුරුද්දක සුවිශේෂී සිදුවීමකි.


අලුත් අවුරුදු උදාවත් සමඟ පරණ අවුරුද්දේ තිබුණු අසමඟිකම් අතහැර අලුත් සමඟිකම් ඇතිකර ගැනීම සුවිශේෂී ලක්ෂණයකි. ඒ සඳහා අසල්වාසී නිවෙස්වලට කැවුම් කිරිබත් සකසාගෙන ඒවා හුවමාරු කර ගැනීම සහ නිවෙස්වලට ගොස් සුහදව කතාබස් කර ආහාර වේලක් අනුභව කිරීම සිරිතයි. 


අලුත් අවුරුදු දිනයේදී විශේෂයෙන් වැඩිහිටියන්ට ගෞරව කිරීම සඳහා බුලත් අතට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. දෙමාපියන්ට දරුවන්ද, ගුරුවරුන්ට ශිෂ්‍යයින්ද, ස්වාමියාට සේවකයින්ද, වැඩිහිටියන්ට බාල අයද, පැවිදි පක්ෂයට ගිහියන්ද බුලත්දී වන්දනාමාන කිරීම අලුත් අවුරුද්දේ සුබ කටයුත්තක් ලෙස සලකනු ලබයි.
අවුරුදු උදාවෙන් පසු ළිප ගිනි මෙළවීම පළමු වැනි චාරිත්‍රයයි. මුළු රටක්ම එකම වේලාවකදී ළිප ගිනි මෙළවීමෙන් සංකේතවත් කරන්නේ බලශක්තිය නිපදවා ආහාර සැකසීමේ ක්‍රියාවලියේ සමාරම්භයයි. ළිප ගිනි මොළවා ආහාර පිසීමෙන් පසු එළඹෙන්නේ වැඩ අල්ලා ආහාර අනුභව කිරීමේ නැකතයි. එදා පැවති කෘෂිකාර්මික ජීවන රටාවත් සමඟ සිදු කළ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය අද වනවිට වෙනස්වී ඇත.

 

 


ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සම්ප්‍රදායිකව සිදුකරනු ලැබුවේ පවුලේ වැඩිහිටියන් සමඟයි. නමුත් වර්තමානයේ බොහෝ දෙනකු ගනුදෙනු කිරීම සඳහා පැමිණෙන්නේ බැංකුව වෙතයි. එදා වැඩිහිටියෝ නැකතට ගනුදෙනු කරනු ලැබුවේ ළිඳ හෝ ගෙවල් අසල තිබෙන වක්කඩක් සමඟයි. ළිඳෙන් හෝ වක්කඩෙන් අඟුරු කැබැල්ලක්, තඹ සල්ලි වැනි දෙයක් දමා වන්දනාමාන කර නැවුම් කලයකට වතුර පුරවා ගැනීමෙන් එම චාරිත්‍රය ඉටු කරයි. මෙමඟින් ඔවුන් අපේක්ෂා කළේ ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වසරක් වේවාය යන්නයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟම අවුරුදු ක්‍රීඩා පැවැත්වීම අපට අමතක කළ නොහැක. සියල්ලන්ගේම සහයෝගය මත පවත්වන අවුරුදු උත්සවයේ විශේෂත්වය ලැබෙන්නේ විවිධ ජන ක්‍රීඩාවලටයි. අං ඇදීම, පොරපොල් ගැසීම, කඹ ඇදීම, කොට්ට පොර ගැසීම, රබන් ගැසීම, ග්‍රීස් ගහේ නැගීම, ජන කවි ගායනය, පංච දැමීම, කැට ගැසීම ආදී ජන ක්‍රීඩා අපේ පැරැණි මුතුන් මිත්තන් පැවැත්වූයේ හුදු විනෝදය සඳහාම නොවේ. එමඟින් සමගිය, සමාදානය, සාමුහිකත්වය, නායකත්වය මෙන්ම ප්‍රීතිය අපේක්ෂා කළහ. අතීතයේ මෙම ක්‍රීඩා පැවැත්වූයේ චාරිත්‍රානුකූලව සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් රැගෙනයි. අද වනවිට මෙම ජන ක්‍රීඩාවන් විවිධ අන්දමින් නවීකරණයට බඳුන්ව තිබේ. සතය සෙවීම, බිත්තර ඇල්ලීම, පොල් අතු විවීම, සැඟවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරගය ආදී වශයෙන් විවිධ වූ අංගෝපාංගයන් පැරැණි ජන ක්‍රීඩා සමඟ මුසුවී නවමු ආරකට බක් මහේදී ඉදිරිපත් වෙයි.


සිංහල අලුත් අවුරුදු උත්සවයේදී විශේෂයෙන් කැපී පෙනෙන්නේ නැකත් අනුව ක්‍රියාකාරකම් කිරීම සහ චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමයි. අවුරුදු දිනයේ සෑම ගෙදරකම කිරිබතක් ඉදෙන්නේ එකම නැකත් වෙලාවටයි. මුළු රටේම ජනයා මෙසේ එක විටෙකදී නැකත් ඉටු කිරීම සමාජ සාමුහිකත්වය ගොඩනැංවීම සඳහා මහෝපකාරී වනු ඇත. නමුත් අතීතය හා වර්තමානය සසඳා බැලීමේදී මෙම චාරිත්‍ර වාරිත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා ඉඩකඩ ලැබේද යන්න ගැටලුවකි. වසරක් ගෙවී නව වසරක් උදාවනවා යනු ළමයි තරුණ වීමත් තරුණයින් වැඩිහිටියන් වීමත්, වැඩිහිටියන් මරණයට ආසන්න වීමත් මෙහිදී සිදුවන විපර්යාසයන්ය. මෙම විපර්යාස තුළදී මිනිසුන්ට පැරැණි චාරිත්‍ර වාරිත්‍ර අමතකවී යන්නේ නිරායාසයෙනි. ගම්බද ප්‍රදේශවල තරමක් හෝ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු වුවද නාගරික ජන සමාජයේ එවැන්නක් සිදු නොවන තරම්ය. එදා සමාජයේ වැඩිහිටියන් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට ඇප කැපවී කටයුතු කළහ. නමුත් අද සමාජය ගෙවල් පිරිසුදු කිරීම, අලුත් ඇඳුම් මැසීම, තෑගි බෝග පිරිනැමීම ආදිය පිළිබඳව එතරම් උනන්දුවක් නොදක්වයි. 


නව තාක්ෂණයත් සමඟ බැඳී පවතින වර්තමාන අධි සුඛෝපභෝගී ජීවිත හමුවේ මිනිසුන් ඉවක් බවක් නොමැතිව ජීවත්වීම සඳහා මුදල් ඉපයීමට වෙහෙසෙයි. නමුත් ජීවත්වීමේදී අපට ආවේණික වූ ක්‍රමවේදයක් හා ගති සිරිත් අමතක කර දමා නවීන ලෝකය වැළඳ ගැනීමට උත්සාහ කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. සෑම මිනිසෙක්ම තමාටම අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණ පිළිබිඹු කරයි.


අලුත් අවුරුද්ද තුළ කා බී විනෝද වීම පමණක් ප්‍රමාණවත් නොවන බව මතක තබා ගත යුතුයි. අලුත් ඇඳුම් අඳිමින්, ගෙවල් දොරවල් අලුත් කරමින් අවුරුදු සැමරුමට මිනිසුන්ගේ සිතුම් පැතුම් අලුත් නොවන්නේ නම් එම අවුරුදු සැමරීමෙන් ප්‍රයෝජනයක් ද නොමැත. අලුත් අවුරුදු සමය තුළ දී සමරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර අනාදිමත් කාලෙක සිට පැවත එන චාරිත්‍ර වාරිත්‍රයි. 


සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන වෙලාව නොනගතය ලෙස හඳුන්වයි. ඒ කාලය තුළ වැඩ කටයුතු වශයෙන් යමක් නොකරන අතර පිං කිරීම සුදුසු බව සඳහන් වේ. එම නිසා මෙම නැකත් රහිත කාලය පුණ්‍ය කාලය ලෙස යොදා ගැනේ. ඒ කාලය තුළ මිනිසුන් විහාරස්ථානවලට ගොස් මල් පූජා කිරීම ආගමික වතාවත්වල නියැළීම අලුත් අවුරුද්දේ සුවිශේෂතම කාර්යය ලෙස හැඳින්වීමට පුළුවන. සිංහල බෞද්ධයින් උපතේ සිට විපත දක්වාම ගෙවන කාලය තුළ සියලු කටයුතු තුනුරුවන් මුල් කරගෙන සිදු කිරීම සුලභ දෙයකි. අලුත් අවුරුද්දේද සිංහල මෙන්ම දමිළ ජනයා මුල් තැන ලබා දෙන්නේ ආගමික චාරිත්‍ර සඳහායි. මේ තුළින් නැතිවී යන ගුණධර්ම නැවත අලුත්වීම අමතක වී යන චාරිත්‍ර ධර්ම නැවත අලුත්වීම සිංහල අවුරුද්දක සුවිශේෂී සිදුවීමකි.


අලුත් අවුරුදු උදාවත් සමඟ පරණ අවුරුද්දේ තිබුණු අසමඟිකම් අතහැර අලුත් සමඟිකම් ඇතිකර ගැනීම සුවිශේෂී ලක්ෂණයකි. ඒ සඳහා අසල්වාසී නිවෙස්වලට කැවුම් කිරිබත් සකසාගෙන ඒවා හුවමාරු කර ගැනීම සහ නිවෙස්වලට ගොස් සුහදව කතාබස් කර ආහාර වේලක් අනුභව කිරීම සිරිතයි. 

 


අලුත් අවුරුදු දිනයේදී විශේෂයෙන් වැඩිහිටියන්ට ගෞරව කිරීම සඳහා බුලත් අතට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. දෙමාපියන්ට දරුවන්ද, ගුරුවරුන්ට ශිෂ්‍යයින්ද, ස්වාමියාට සේවකයින්ද, වැඩිහිටියන්ට බාල අයද, පැවිදි පක්ෂයට ගිහියන්ද බුලත්දී වන්දනාමාන කිරීම අලුත් අවුරුද්දේ සුබ කටයුත්තක් ලෙස සලකනු ලබයි.
අවුරුදු උදාවෙන් පසු ළිප ගිනි මෙළවීම පළමු වැනි චාරිත්‍රයයි. මුළු රටක්ම එකම වේලාවකදී ළිප ගිනි මෙළවීමෙන් සංකේතවත් කරන්නේ බලශක්තිය නිපදවා ආහාර සැකසීමේ ක්‍රියාවලියේ සමාරම්භයයි. ළිප ගිනි මොළවා ආහාර පිසීමෙන් පසු එළඹෙන්නේ වැඩ අල්ලා ආහාර අනුභව කිරීමේ නැකතයි. එදා පැවති කෘෂිකාර්මික ජීවන රටාවත් සමඟ සිදු කළ වැඩ ඇල්ලීමේ චාරිත්‍රය අද වනවිට වෙනස්වී ඇත.


ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සම්ප්‍රදායිකව සිදුකරනු ලැබුවේ පවුලේ වැඩිහිටියන් සමඟයි. නමුත් වර්තමානයේ බොහෝ දෙනකු ගනුදෙනු කිරීම සඳහා පැමිණෙන්නේ බැංකුව වෙතයි. එදා වැඩිහිටියෝ නැකතට ගනුදෙනු කරනු ලැබුවේ ළිඳ හෝ ගෙවල් අසල තිබෙන වක්කඩක් සමඟයි. ළිඳෙන් හෝ වක්කඩෙන් අඟුරු කැබැල්ලක්, තඹ සල්ලි වැනි දෙයක් දමා වන්දනාමාන කර නැවුම් කලයකට වතුර පුරවා ගැනීමෙන් එම චාරිත්‍රය ඉටු කරයි. මෙමඟින් ඔවුන් අපේක්ෂා කළේ ලැබුවා වූ නව වසර සෞභාග්‍යමත් වසරක් වේවාය යන්නයි.
සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟම අවුරුදු ක්‍රීඩා පැවැත්වීම අපට අමතක කළ නොහැක. සියල්ලන්ගේම සහයෝගය මත පවත්වන අවුරුදු උත්සවයේ විශේෂත්වය ලැබෙන්නේ විවිධ ජන ක්‍රීඩාවලටයි. අං ඇදීම, පොරපොල් ගැසීම, කඹ ඇදීම, කොට්ට පොර ගැසීම, රබන් ගැසීම, ග්‍රීස් ගහේ නැගීම, ජන කවි ගායනය, පංච දැමීම, කැට ගැසීම ආදී ජන ක්‍රීඩා අපේ පැරැණි මුතුන් මිත්තන් පැවැත්වූයේ හුදු විනෝදය සඳහාම නොවේ. එමඟින් සමගිය, සමාදානය, සාමුහිකත්වය, නායකත්වය මෙන්ම ප්‍රීතිය අපේක්ෂා කළහ. අතීතයේ මෙම ක්‍රීඩා පැවැත්වූයේ චාරිත්‍රානුකූලව සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් රැගෙනයි. අද වනවිට මෙම ජන ක්‍රීඩාවන් විවිධ අන්දමින් නවීකරණයට බඳුන්ව තිබේ. සතය සෙවීම, බිත්තර ඇල්ලීම, පොල් අතු විවීම, සැඟවුණු අමුත්තා සෙවීම, සංගීත පුටු තරගය ආදී වශයෙන් විවිධ වූ අංගෝපාංගයන් පැරැණි ජන ක්‍රීඩා සමඟ මුසුවී නවමු ආරකට බක් මහේදී ඉදිරිපත් වෙයි.


අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ චාරිත්‍රයට ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. මනා ශරීර සෞඛ්‍යයකින් ජීවත්වීමට හා මිනිස් ජීවිතයට හා මිනිස් ජීවිතයට හිස ප්‍රධාන වන හෙයින් ඊට යෝග්‍ය සෞඛ්‍ය සත්කාර සිදු කිරීම මෙම චාරිත්‍රයේ අරමුණය. එබැවින් මෙම හිසතෙල් ගෑමේ චාරිත්‍රය පුරාතනයේ පටන් සුබ නැකතින් ඉතා භක්තිමත්ව සිදුකළ කාර්යයකි. මේ සඳහා හිසට උඩින් එල්ලීමටත් පයට පෑගෙන සේ එලීමට ඖෂධීය ගුණයෙන් යුතු කොළ වර්ග ඒ ඒ වසර අනුව වෙනස් වෙමින් යොදා ගනී. හිසතෙල් ගෑම සඳහා යොදා ගැනෙන්නේ ඖෂධීය පත්‍රවලින් සකස්කර ගත් නානු විශේෂයකි. ගමේ මෙම චාරිත්‍රය සිදුකරන්නේ විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙනි. වර්තමානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය රාජ්‍ය උත්සවයක් ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබයි.


අද බොහෝ දෙනා ගත කරන කාර්යබහුල ජීවිකාවෙන් මිදී පවුලේ සාමාජිකයන් සමඟ ඥාති හිත මිත්‍රාදීන් සමඟ එකට එක්වී අවුරුදු චාරිත්‍ර සැමරීම පවුල් සබඳතා මෙන්ම සමහර සබඳතා සුහදත්වයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට මහෝපකාරීවනු ඇත. සංස්කෘතික වශයෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මක වශයෙන්ද බැලූ විට මුළු රටක් එකමුතුව සමරන අවුරුදු චාරිත්‍ර අරුත් සුන් දෙයක් ලෙස බැහැර කළ නොහැකිය.


ෂෙහානි ලියනආරච්චි