Monday, June 25, 2018

ණයවෙන්නේ නැතුව ණයපතක් භාවිත කරමු




ක්‍රෙඩිට් කාඞ් භාවිතය නිසා අපේ එදිනෙදා ජිවිතයේ මුදල් ගනුදෙනු ඉතා පහසුවක් වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් ඩෙබිට් කාඞ් භාවිත කළාට ක්‍රෙඩිට් කාඞ් ගැන ලොකු අවබෝධයක් නැහැ. ක්‍රෙඩිට් කාඞ් නැතිනම් ණයපත් භාවිතයට සමාජයේ කොටසක් තරමක බියක් ද දක්වනවා. ඒ කෙසේ වෙතත් ක්‍රෙඩිට් කාඞ් කියන්නේ ගොඩක් ප‍්‍රයෝජන ගන්න පුළුවන් දෙයක්. හරි විදියට පාවිච්චි කරනවා නම් විශාල වාසි අත්විඳින්නත් පුළුවන්.

ක්‍රෙඩිට් කාඞ්වල ආරක්ෂාව සහ පහසුව  මිනිස්සු එයට ආකර්ෂණය වෙන්න හේතුවක් වෙනවා. අපේ වැටුප වගේ කිහිපගුණයක මුදලක් අවශ්‍ය  ඕනෑම වෙලාවක වියදම සඳහා යොදාගත හැකිවීම ණයපතක් අපේ අතේ තිබීමෙන් අපට ලැබෙන ප‍්‍රයෝජනයයි. ක්‍රෙඩිට් කාඞ් එකකින් සිදු කරන්නේ බැංකුව මඟින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියාට ණය මුදලක් ලබාදීමයි. ඒ ණය මුදල භාවිතයෙන්  ගෙවීමක් සිදු කර ඒ මුදල පොලියක් නැතිවම ගෙවන්න ඔබට අවස්ථාව ලැබෙනවා. උදාහරණයක් විදියට ඔබ ජනවාරි පළමුවෙනිදා යම් ගෙවීමක් කරලා භාණ්ඩයක් මිලදී ගන්නවා, මේ ගෙවීම ඔබේ බිලට එකතු වෙන්නේ ජනවාරි 21 වෙනිදායි. ඒ දිනයේ සිට තවත් මාසයක කාලයක් (දින 30ක්* කාලයක් ලැබෙනවා. එවිට ඔබට අමතර පොලියක් නොගෙවා දින 51ක ගෙවීම් සඳහා මුළු කාලසීමාවක් ලැබෙනවා. කාඞ්පතෙන් යම් භාණ්ඩයක් ගත් විට ඔබට කෙටි කාලපරිච්ෙඡ්දයකට ගෙවීම් සම්බන්ධයෙන් යම් සහනයක් දී තිබුණත් එය අවසන් වූ විගසම ඔබේ ණයට, පොලී එකතු වෙන්න පටන්ගන්නවා. ක්‍රෙඩිට් කාඞ්පත්වලට සෑහෙන ලොකු පොලියක් එකතු වන බවත් අමතක කරන්න එපා.
කොහොම වුණත්, ක්‍රෙඩිට් කාඞ්පතක් තිබීම ප‍්‍රයෝජනවත් විය හැකි බව නොකිවමනාය. හදිසි අවශ්‍යතාවක් පැන නඟින අවස්ථාවලදී හෝ අතේ මුදල් රැුගෙන යෑම ඒ තරම් සුදුසු නැති අවස්ථාවලදී එය විශේෂයෙන්ම ප‍්‍රයෝජනවත් වෙනවා. මෙය එක්සත් ජනපදයේ මෙන්ම වෙනත් රටවල වැසියන් අතර ක්‍රෙඩිට් කාඞ්පත් ජනප‍්‍රිය වීමට එක් හේතුවක්. නමුත් ක්‍රෙඩිට් කාඞ්පත ඥානවන්තව භාවිත නොකළොත්, ආර්ථිකමය වශයෙන් ගොඩ ඒමට බැරි උගුලකට අප හසු විය හැකියි.

අපි ලබාගන්න හැම ක්‍රෙඩිට් කාඞ් එකටම ගන්න කලින් වාර්ෂික සාමාජික ගාස්තුවක් ගෙවන්න  ඕනෙ. එය එක් එක්  බැංකුවේ  කාඞ් වර්ගය මත වෙනස් වෙනවා. මේ මුදල සාමාන්‍යයෙන් රුපියල් 750 සිට 5000ක් හෝ ඊට වැඩි වෙන්නත්  පුළුවනි. 

පොඩි ණය මුදලක් එක රැුයකින්ම විශාල එකක් බවට පත් විය හැකියි. වැඩි කල් නොගොස්, මාසිකව ඔබ ගෙවන අවම මුදල නිකම්ම පොලිය පියවීමක් බවට පත් වෙනවා. මෙවැනි මූල්‍යමය උගුලකට හසු නොවීම සඳහා ක්‍රෙඩිට් කාඞ්පත ඥානවන්තව භාවිත කිරීමට ගන්න  පියවර මොනවාද?
ඔබ ක්‍රෙඩිට් කාඞ්පතෙන් ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන්  හොඳ මතකයකින් සිටිය යුතුයි. මාසිකව ලැබෙන ප‍්‍රකාශනය දෙස සුපරීක්ෂාකාරිව බලමින් එහි යම් නොගෙවිය යුතු මුදලක් වැටී ඇද්දයි බලන්න. හැකි සෑම අවස්ථාවකදීම විශාල පොලියක් එකතු වීමට ඉඩ නොදී සම්පූර්ණ ණය මුදල එකවරම පියවන්න වෑයම් කරන්න.


මිතුරෙකුට වුණත් තම ක්‍රෙඩිට් කාඞ්පත භාවිතයට දෙන්න එපා. ක්‍රෙඩිට් කාඞ්පත අනිසි ලෙස භාවිත කළොත් අමාරුවේ වැටෙන්නේ අයිතිකරු මිසක් වෙන කිසිවෙක් නොවෙයි. 
ක්‍රෙඩිට් කාඞ්පතකින් යම් භාණ්ඩයක් ගත් විට, කාසි හා නෝට්ටු භාවිත නොකළත් ඔවුන් ඇත්තෙන්ම වැය කරන්නේ මුදල් බව  මතක තබාගන්න. ණය සීමාව තමන්ගෙ පඩිය වගේ දෙගුණයක් වුණාට උපරිම විදියට පඩියෙන් බාගයක් ක්‍රෙඩිට් කාඞ් එකෙන් වියදම් කරන්න පුළුවන් නම් හුඟත් හොඳයි. ණය පියවන දිනය ඔබේ අතේ මුදල් රැුඳෙන දිනයකට යොදාගන්න. ක්‍රෙඩිට් කාඞ් එකේ උපරිම වාසිය ලැබෙන්නේ ණය පියවන දිනයටම මුදල් ගෙවනවා නම් විතරයි. ඒ දිනය හිතේ තියාගෙන වැඩ කරන්න.
අමතර පොලී වලින් වැළකෙන්න නම්  කවදාවත් අඩුම මුදල ගෙවන්න එපා. හැකි හැම විටම මුළු මුදලම ගෙවන්න. හැකි හැමවිටම මුදල් භාවිත කරන්න.

ඔබට දැන් ක්‍රෙඩිට් කාඞ්පතක් තිබෙනවා නම්, එහෙමත් නැත්නම් ළඟදීම එකක් ලබාගැනීමට ඔබ තීරණය කර තිබෙනවා නම්, එයින් අත් කරගත හැකි ප‍්‍රයෝජන මෙන්ම එයින් ඇති විය හැකි අවාසි ගැනද හොඳ අවබෝධයක් ඇතුව සිටින්න


1 comment: