Tuesday, July 24, 2018

මානසික ආතතියෙන් මිදී නිරෝගිමත් දිවියකට..



නිරෝගිමත් දිවියක් සඳහා කායික මෙන්ම මානසික සුවතවයද අත්‍යවශ්‍ය සාධකයකි. යහපත් මානසික තත්ත්වයක් නොමැති වූ විට ඔබේ ශරීරය ද නිරන්තරයෙන් රෝගී විය හැකියි. යහපත් මානසික සෞඛ්‍ය යනු පුද්ගලයකුගේ හැගීම් හා මානසික ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම මත ගොදනගේන්නාවූ සංකල්පයකි.
මිනිසාට ඇතිවන මානසික රෝග අතුරින් මානසික ආතතිය සේම පුද්ගලයෙකුටම යම් ප්‍රමාණයකට හෝ පවතින්නකි. මානසික ආතතිය සරලවම දැක්වුවහොත් එය මිනිසාට ඇතිවන ස්වභාවික හැගීමකි. මනසේ ඇතිවන විවිධ චිත්තවේගයන් ඔස්සේ මෙම තත්ත්වය ඇති විය හැකියි. ආතතිය ඇතිවීමට බලපාන හේතු සාධකයන් පිළිබඳව සලකා බැලීමේදී එම හේතුන් පුද්ගලගෙන් පුද්ගලයට වෙනස් විය හැකි බවත් ඒවා හඳුනාගැනීමේ අපහසුතා පවතින බවත් හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් පුද්ගලයෙකුට පවතින විවිධ ජිවන ගැටළු, රෝග තත්ත්වයන්, ආර්ථික ගැටළු, පවතින සබඳතා ආශ්‍රිත ගැටළු ආතතිය ඇති කිරීමට මුල්වන පොදු කරනා කිහිපයකි. ඉගෙනීම් කටයුතු වල දී සිටින අතරුන තරුණියන්ට ඉගෙනීම් ගැටළු, විභාග, පැවරුම් කටයුතු, තරගකාරිත්වය සමාජයෙන් ඇතිවන විවිධ බලපෑම් මෙයට හේතු වේ. මෙවැනි තත්ත්වයන් සියදිවිනසා ගැනීම් දක්වා බලපෑම්කාරී විය හැකියි.
ආතතිය මානසික රෝගයක් ලෙස හැඳින්වුවද එය යම් ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වන අවස්ථාද පවතී. පුද්ගලයෙකුට ක්‍රියාශීලිව මානසික එකග්රතාවයෙන් යුතුව ක්‍රියා කිරීමටත්, පරික්ෂකරිව හා උද්යෝගිමත්ව කටයුතු කිරීමටත් අවශ්‍ය සහය ලබාදෙන්නේ ආතතිය මගින් බව ඔබ දන්නවද? එහි දී ඔබගේ ශරීරයේ කොටිසොල් (Cortisol), අඩ්රිනලින්(Adrenaline), සහ නොරද්රිනලින් (Noradrenaline) යන හෝමෝනයන් වැඩිපුර ශ්‍රාවය වී රුධිරයට එකතු වීම නිසා එමගින් මානසික පීඩනය සහ අවධානම මත කටයුතු කිරීමට ශරීරය හැඩගැස්වයි.



නමුත් දිගින් දිගටම මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එය ශරීරයේ රෝග ලක්ෂණ වලට හේතුවේ. එසේ ඇතිවන දිගු කාලින මානසික ආතතිය නිසා අධික රුධිර පීඩනය, අංශභාගය, හදවත් රෝග,දියවැඩියාව, ගැස්ට්‍රිටිස් සහ ආමාශගත තුවාල, විශාදය, අසාමාන්‍ය බිය, ප්‍රතිශතය අඩු වීම, ලිංගාශ්‍රිත රෝග ආදී දිගු කාලින රෝග තත්ත්වයන්ට හේතු පාදක වෙයි. මෙවැනි රෝගී තත්ත්වයන් නිසා මානසික ආතතිය මාරාන්තික විය හැකියි. අතතියේදී රුධිරයට එකතුවන කොටිසොල් හෝමෝනය යම් ප්‍රමාණයකට වාසි ඇති කරන අතරම දිගුකාලීනව එය අයහපත් ප්‍රතිපල ගෙන එයි. කෙටිකාලීනව රුධිරයේ කොටිසෝන් මට්ටමේ ඉහළ යාමේ ප්‍රතිපලයක් ලෙස කෙටිකාලීන මතකය වැඩි දියුණු වීම, ප්‍රතිශක්තිය වැඩි වීම, ශරීර වේදනාවල සංවේදීතාවන් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම, ශක්තිය වැඩි කිරීම සිදුවේ.නමුත් දිගු කාලීනව රුධිර කොටිසොල් මට්ටම ඉහළ අගයක් ගැනීමෙන් අතුරු ආබාධ හැ සංකුලතා ඇතිවීමට මගපාදයි. මෙය තරබාරුකම ඇතිවීමට ද හේතුවකි. තරබාරු බව නිසා උදරයේ මේදය තැන්පත් වීම, කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර නාල සිහින් වීම මේ හේතුවෙන් හදවත් රෝග වලදිමටද ඉඩකඩ ඇත.

මෙලෙස නොයෙකුත් හේතුන් නිසා දිගුකාලින මානසික ආතතිය ඉතා මාරාන්තික තත්ත්වයකි. මේ නිසා මානසික ආතතිය පාලනය කර ගත යුතුයි.දෙනික ජීවිතයේදී ඔබට නිත මනසට වදදෙන ක්‍රියාවන් හා සිතුවිලි පාලනය කරගැනීම හා ආතතියට හේතුවන ගැටළු වෙනස් කර ගැනීමටත්, එවැනි ආකාරයේ අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වන ක්‍රමවේදය වෙනස් කරගැනීමටත් ඔබට හැකියාව පවතින්නේ නම් ආතතිය නිසිලෙස පාලනය කල හැකිය. බොහෝ දෙනෙක් මානසික ආතතිය පාලනය කරගැනීමට යොදාගන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන උපායමාර්යි. දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සමාජයෙන් හුදෙකලා වීමට පුරුදු වීම, අධික ලෙස ආහාර ගැනීම හෝ අධික ලෙස නිදාගැනීම අඩිය එවැනි අයහපත් ක්‍රමවේදයන්ය. සමහර පුද්ගලින් සියදිවි නසගනිමට පවා පෙළඹෙන්නේ මෙවැනි අහිතකර ක්‍රමවේද ආතතිය පාලනයට යොදා ගැනීම නිසයි.

මානසික ආතතියට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙන ක්‍රියාකාරකම් සඳහා යොමු වීමෙන් එය ඇතිවීම මගහරවා ගැනීමට හැකියාව ඇත. ප්‍රයෝගිකව ඔබගේ මනස ලිහිල් කරන විනොදන්ෂවලට කාලය වෙන්කරවා ගැනීම ආතතිය පාලනය කිරීමට උපයෝගී කරගත හැකිය. පිහිනීම, බයිසිකල් පැදීම, සංගීතය රස විදීම, පොත් කියවීම ආදී විනෝදාංශ ඔබේ මනස නිරවුල් කරයි. එමෙන්ම තමාට ළඟාවිය හැකි ඉලක්ක පමණක් ලඟාකරගැනීමට උත්සහ කල යුතුයි. ක්ෂණික කෝපය නිසා  ඔබගේ ආතතිය තව තවත් වැඩිදියුණු  වන බැවින් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ආගමික නැඹුරුව වැදගත් වේ. භාවනාව,ශ්වසන ව්‍යායාම වැනි ක්‍රම මගින් ඔබේ මනස ලිහිල් කර ගැනීමය හැකියාව පවතී. මෙවැනි මානසික ආතතිය පාලනය කරන උපක්‍රමයන් යොදාගනිමින්, මානසික අතතියේ පීඩනයෙන් මිදී නිරෝගිමත් තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්න.

1 comment: