Wednesday, July 10, 2019

සිහින් සිරුරක හිමිකාරියක් වන්න.| බර අඩුකර ගන්න.| කෙට්ටු වෙමු.| ප්‍රභාෂ්වර

සිහින් සිරුරක හිමිකාරියක් වන්න 


සිහින්  සිරුරක් කියන්නේ අපි කාගේත් හීනයක්. ඔබත් සුන්දර සිහින් සිරුරක් ලබා ගන්න මහන්සි වෙන කෙනෙක්ද? ඒක හිතන තරම්ම පහසුත් නැහැ. ගොඩක් අය ආහාර පාලනය හා ව්‍යායාම කිරීම් ආරම්භ කර අතරමගදී එය නවතා දමනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මෙය සිහිනයක්ම විතරක් වෙලා තියනවා.  ඕනෑම පුද්ගලයෙකුට උසට සරිලන බරක් හිමිවෙනවා. නමුත් තමාගේ උසට සරිලන බර තිබෙන්නේ දැයි බොහෝදෙනා නොසිතයි. මේ නිසා සමහරු යොමුවන්නේ බරගැන සිතන්නේ නොසිතාරුව  රැුක  ගැනීමටයි.

සිරුරේ බර අඩු කරගෙන සිහින් සිරුරක හිමිකාරියක් වන්න අපි හැමෝම කැමතියි. එත් ඉතින් කට පාලනය කර ගන්න එක නම් ගොඩක් අයට ලොකු ගැටළුවක්. බොහෝ වෙලාවට අපි ආහාර ගන්නේ බඩගිනි නිසාම නෙවෙයි. ආසාවට. මුලින්ම අපි කට නැතිනම් අප ගන්නා  ආහාර පාලනය කරගන්නේ කොහොමද යන්න විමසා බලමු.

ඔබ තරබාරු අයෙක් නම් උදේ ආහාරය වැඩිපුර ගෙන රාත‍්‍රියට අඩුවෙන් ආහාර ගැනීම වඩාත් හොඳයි.උදේට කන්න  ඕන රජෙක් වගේ ?ට කන්න  ඕන හිඟන්නෙක් වගේ කියලා අපි අතර කියමනකුත් තියනවා. දවස පුරා ක‍්‍රියාශීලීව ගතකරන්න නම්  උදෑසනට පෝෂ්‍යදායී, ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න. සමබල ආහාර වේලක් ගැනීම වැදගත් වනවා. එහෙත් රාත‍්‍රියට ශරීරය ක‍්‍රියාශීලී නොවන බැවින් රාත‍්‍රියට සුළු ආහාරයක් ගත යුතුයි. රාත‍්‍රියට කැලරි දහනය වීමක් සිදු නොවන නිසා රාත‍්‍රියට බර ආහාර ගැනීම සුදුසු නැත.

එමෙන්ම අපට  පිපාසය ඇති වූ විටත් කුසගිනි ඇති වීමේ ලක්ෂණ ද  පෙන්නුම් කරනවා . එනිසා ඇතැම් විට ඔබ පිපාසය දැනුනු විටත් ආහාර ගැනීමට පෙළඹිය හැක. මින් පසු ඔබට කුසගිනි දැනුනු විට පළමුව වතුර වීදුරුවක් පානය කර මිනිත්තු කිහිපයක් හිඳ ආහාර ගන්න. එයින් ඔබ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ආහාර ගැනීම වැළකනවා.
ආහාර වෙල් අතර කාල පරතරය වැඩි වන විට ඔබේ කුසගින්නද ඉතා අධිකව දැනෙන්නට පුළුවන්. එවිට ඔබ අවශ්‍ය ප‍්‍රමාණයත් වඩා ආහාර ගැනීමට පෙළඹේ. එනිසා ආහාර ගන්නා විට වරින් වර ආහාර අඩුවෙන් ගන්න. දිනකට කෙටි ආහාර වෙල් කිහිපයක්  පමණක්  ගන්න. එමෙන්ම එහිදී පමණට වඩා  ආහාර නොගැනීමටත් මතක තබා ගන්න.

බොහෝ දෙනෙක් සිතන්නේ පෝෂ්‍යදායී ශරීරයට හිතකර ආහාර රසවත් නැති බවයි. එහෙත් ඒ කෑමත් රසට හදා ගන්න පුළුවන්. ඒ නිසා රසට මෙන්ම පෝෂ්‍යදායී ලෙස කෑම ගෙදරදිම  හදන්න පුරුදු වෙන්න. එය ඔබට වඩා වාසිදායක වේවි. පිටින් මිලදීගන්නා ආහාර  වල පවතින අධික මේද ප‍්‍රමාණය, රසකාරක අදිය පසුකාලීනව  ඔබේ සිරුර රෝගාබාධ වලට අත වැනිය  හැකිය. මෙනිසා ගෙදරදී ම ඔබේ ආහාර වේල ඔබ විසිනම සකස් කරගැනීම වඩාත් සවුක්ය ආරක්ෂිතයි.

ඒ වගේම වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න. ඔබේ සිරුර වියලෙන විට එහෙම නැත්නම් විජලනය වන විට ඔබගේ ශක්තිය සීග‍්‍රයෙන් පහත වැටේ. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් දැනීමට ද පුළුවන්. අඩුම තරමේ දවසට ජලය බෝතල් හයක්වත් පානය කල යුතුයි. මේ සඳහා පළමුවෙන්ම දිනය ආරම්භයේ වතුර බෝතල් තුනක් පුරවා ශීතකරණයේ දමා තබන්න. ඊළඟට දවස ඇතුලත කොහොම හරි ඒ බෝතල් තුන බොන්න අරමුණු කර ගන්න. මේ විදියට ඔබට දිනට අවශ්‍ය වතුර ප‍්‍රමාණය සපයා ගත හැකි වේවි.

තරබාරු බව අද වන විට කුඩාම දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා මේ හැමෝම එක ලෙස පීඩා විඳින තත්වයක්. තමන්ගේ රුව ගැන හොඳටම සැලකිලිමත් වන කාන්තාවන්ට මෙය විශේෂයෙන්ම හිරිහැරයක් වගේම මානසික වදයකුත් වෙනවා. ඉතින් මේ තත්වයට පිලියමක් ලෙස බොහෝ දෙනා සිදු කරන්නේ ආහාර පාලනය කිරීමයි. ඒත් තරබාරු බැවින් මිදෙන්නට ආහාර පාලනය විතරක් මදි. සහනයක් ලැබෙන්න නම් සිරුරට නිසියාකාරව ව්‍යායාම ලැබෙන්නත්  ඕන. නැත්නම් වෙන්නේ ආහාර මදකම නිසා සිරුර බලා ඉද්දි වැහැරී යන එක.ඒ නිසා තරබාරු බව දුරලන්න හරියට ව්‍යායාම කරන්නේ කොහොමද යන්න ගැනත් විමසා බලමු.

ව්‍යායාමයක නිරත වීමේ දී සිරුරේ ශක්තිය වැය වෙනවා. ඊට ශක්තිය සපයන්නේ සිරුරේ තැන්පත් වී ඇති තෙල් දහනය වීමෙනි . ව්‍යායාමයේ දී තරබාරු බවට හේතු වන තෙල් බර අඩු වෙනවා. ඒ වගේ ම ව්‍යායාමයේ දී සිරුරේ පේශීන් වර්ධනය වෙනවා මෙන්ම  එහිදී ශරීරයේ ශක්තියත්, නම්‍යතාවයත් වැඩි වී ක‍්‍රියාශිලීබව හා උද්‍යෝගි බව වැඩි කරනවා .
සිරුරේ බර අඩු කර ගැනීමේ දී වඩාත් සුදුසු සවායුක ව්‍යායාමයයි. වේගයෙන් ඇවිදීම, ලණුව කරකවමින් උඩ පැනීම (ිනසචචසබට* බයිසිකල් පැදීම, සෙමින් දුර දිවීම, පිහිනීම සහ සංගීතයට අනුව රිද්මයකට නැටීම ආදිය මේ වර්ගයට අයත් ව්‍යායාමයන්. මෙම ව්‍යායාම මඟින් කලව, අත්වල පේශි, කෙණ්ඩ, පිට, බෙල්ල ආදී ස්ථාන ව්‍යායාමයට ලක්වෙනවා. 

ඔබට ඔබේ කාර්යභහුල දිවියත් සමග දිනපතා ව්‍යායාමවල නිරත වීමට නොහැකි විය හැකියි. දිනපතා ව්‍යායාම නොකළත් බර අඩු කර ගැනීමට නම් අඩු තරමින් සතියකට දින 3 ක් හෝ ව්‍යායාම කළ යුතුයි. අඩු තරමින් එක දිගට විනාඩි 30 ක් හෝ හොඳින් දහදිය වැටෙන තෙක් ව්‍යායාම කළ යුතුයි. එක ව්‍යායාමයකදී අඩු තරමින් කැලරි 300 ක් හෝ වැය නොවුණේ නම් ඒ ව්‍යායාම කිරීමෙන් ප‍්‍රයෝජනයකුත් නොමැති වෙනවා.

එමෙන්ම  දිනපතා ඔබ ඇවිදින ප‍්‍රමාණය වැඩි කරන්න. එය ඔබේ සිරුරට අවශ්‍යම වයයමයක්. දිනපතා ඔබ කොපමණ ප‍්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප‍්‍රමාණය සොයා ගෙන එම ප‍්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

ෂෙහානි ලියනආරච්චි