Wednesday, July 10, 2019

සිහින් සිරුරක හිමිකාරියක් වන්න.| බර අඩුකර ගන්න.| කෙට්ටු වෙමු.| ප්‍රභාෂ්වර

සිහින් සිරුරක හිමිකාරියක් වන්න 


සිහින්  සිරුරක් කියන්නේ අපි කාගේත් හීනයක්. ඔබත් සුන්දර සිහින් සිරුරක් ලබා ගන්න මහන්සි වෙන කෙනෙක්ද? ඒක හිතන තරම්ම පහසුත් නැහැ. ගොඩක් අය ආහාර පාලනය හා ව්‍යායාම කිරීම් ආරම්භ කර අතරමගදී එය නවතා දමනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මෙය සිහිනයක්ම විතරක් වෙලා තියනවා.  ඕනෑම පුද්ගලයෙකුට උසට සරිලන බරක් හිමිවෙනවා. නමුත් තමාගේ උසට සරිලන බර තිබෙන්නේ දැයි බොහෝදෙනා නොසිතයි. මේ නිසා සමහරු යොමුවන්නේ බරගැන සිතන්නේ නොසිතාරුව  රැුක  ගැනීමටයි.

සිරුරේ බර අඩු කරගෙන සිහින් සිරුරක හිමිකාරියක් වන්න අපි හැමෝම කැමතියි. එත් ඉතින් කට පාලනය කර ගන්න එක නම් ගොඩක් අයට ලොකු ගැටළුවක්. බොහෝ වෙලාවට අපි ආහාර ගන්නේ බඩගිනි නිසාම නෙවෙයි. ආසාවට. මුලින්ම අපි කට නැතිනම් අප ගන්නා  ආහාර පාලනය කරගන්නේ කොහොමද යන්න විමසා බලමු.

ඔබ තරබාරු අයෙක් නම් උදේ ආහාරය වැඩිපුර ගෙන රාත‍්‍රියට අඩුවෙන් ආහාර ගැනීම වඩාත් හොඳයි.උදේට කන්න  ඕන රජෙක් වගේ ?ට කන්න  ඕන හිඟන්නෙක් වගේ කියලා අපි අතර කියමනකුත් තියනවා. දවස පුරා ක‍්‍රියාශීලීව ගතකරන්න නම්  උදෑසනට පෝෂ්‍යදායී, ප්‍රෝටීන් හා ඛනිජලවන අඩංගු පෝෂ්‍යදායි ආහාර ගන්න. සමබල ආහාර වේලක් ගැනීම වැදගත් වනවා. එහෙත් රාත‍්‍රියට ශරීරය ක‍්‍රියාශීලී නොවන බැවින් රාත‍්‍රියට සුළු ආහාරයක් ගත යුතුයි. රාත‍්‍රියට කැලරි දහනය වීමක් සිදු නොවන නිසා රාත‍්‍රියට බර ආහාර ගැනීම සුදුසු නැත.

එමෙන්ම අපට  පිපාසය ඇති වූ විටත් කුසගිනි ඇති වීමේ ලක්ෂණ ද  පෙන්නුම් කරනවා . එනිසා ඇතැම් විට ඔබ පිපාසය දැනුනු විටත් ආහාර ගැනීමට පෙළඹිය හැක. මින් පසු ඔබට කුසගිනි දැනුනු විට පළමුව වතුර වීදුරුවක් පානය කර මිනිත්තු කිහිපයක් හිඳ ආහාර ගන්න. එයින් ඔබ අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ආහාර ගැනීම වැළකනවා.
ආහාර වෙල් අතර කාල පරතරය වැඩි වන විට ඔබේ කුසගින්නද ඉතා අධිකව දැනෙන්නට පුළුවන්. එවිට ඔබ අවශ්‍ය ප‍්‍රමාණයත් වඩා ආහාර ගැනීමට පෙළඹේ. එනිසා ආහාර ගන්නා විට වරින් වර ආහාර අඩුවෙන් ගන්න. දිනකට කෙටි ආහාර වෙල් කිහිපයක්  පමණක්  ගන්න. එමෙන්ම එහිදී පමණට වඩා  ආහාර නොගැනීමටත් මතක තබා ගන්න.

බොහෝ දෙනෙක් සිතන්නේ පෝෂ්‍යදායී ශරීරයට හිතකර ආහාර රසවත් නැති බවයි. එහෙත් ඒ කෑමත් රසට හදා ගන්න පුළුවන්. ඒ නිසා රසට මෙන්ම පෝෂ්‍යදායී ලෙස කෑම ගෙදරදිම  හදන්න පුරුදු වෙන්න. එය ඔබට වඩා වාසිදායක වේවි. පිටින් මිලදීගන්නා ආහාර  වල පවතින අධික මේද ප‍්‍රමාණය, රසකාරක අදිය පසුකාලීනව  ඔබේ සිරුර රෝගාබාධ වලට අත වැනිය  හැකිය. මෙනිසා ගෙදරදී ම ඔබේ ආහාර වේල ඔබ විසිනම සකස් කරගැනීම වඩාත් සවුක්ය ආරක්ෂිතයි.

ඒ වගේම වෙනදාට වඩා වැඩිපුර වතුර බොන්න. ඔබේ සිරුර වියලෙන විට එහෙම නැත්නම් විජලනය වන විට ඔබගේ ශක්තිය සීග‍්‍රයෙන් පහත වැටේ. එමෙන්ම ආහාර ගැනීමෙන් පසු ඔබට දැඩි පිපාසයක් දැනීමට ද පුළුවන්. අඩුම තරමේ දවසට ජලය බෝතල් හයක්වත් පානය කල යුතුයි. මේ සඳහා පළමුවෙන්ම දිනය ආරම්භයේ වතුර බෝතල් තුනක් පුරවා ශීතකරණයේ දමා තබන්න. ඊළඟට දවස ඇතුලත කොහොම හරි ඒ බෝතල් තුන බොන්න අරමුණු කර ගන්න. මේ විදියට ඔබට දිනට අවශ්‍ය වතුර ප‍්‍රමාණය සපයා ගත හැකි වේවි.

තරබාරු බව අද වන විට කුඩාම දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වා මේ හැමෝම එක ලෙස පීඩා විඳින තත්වයක්. තමන්ගේ රුව ගැන හොඳටම සැලකිලිමත් වන කාන්තාවන්ට මෙය විශේෂයෙන්ම හිරිහැරයක් වගේම මානසික වදයකුත් වෙනවා. ඉතින් මේ තත්වයට පිලියමක් ලෙස බොහෝ දෙනා සිදු කරන්නේ ආහාර පාලනය කිරීමයි. ඒත් තරබාරු බැවින් මිදෙන්නට ආහාර පාලනය විතරක් මදි. සහනයක් ලැබෙන්න නම් සිරුරට නිසියාකාරව ව්‍යායාම ලැබෙන්නත්  ඕන. නැත්නම් වෙන්නේ ආහාර මදකම නිසා සිරුර බලා ඉද්දි වැහැරී යන එක.ඒ නිසා තරබාරු බව දුරලන්න හරියට ව්‍යායාම කරන්නේ කොහොමද යන්න ගැනත් විමසා බලමු.

ව්‍යායාමයක නිරත වීමේ දී සිරුරේ ශක්තිය වැය වෙනවා. ඊට ශක්තිය සපයන්නේ සිරුරේ තැන්පත් වී ඇති තෙල් දහනය වීමෙනි . ව්‍යායාමයේ දී තරබාරු බවට හේතු වන තෙල් බර අඩු වෙනවා. ඒ වගේ ම ව්‍යායාමයේ දී සිරුරේ පේශීන් වර්ධනය වෙනවා මෙන්ම  එහිදී ශරීරයේ ශක්තියත්, නම්‍යතාවයත් වැඩි වී ක‍්‍රියාශිලීබව හා උද්‍යෝගි බව වැඩි කරනවා .
සිරුරේ බර අඩු කර ගැනීමේ දී වඩාත් සුදුසු සවායුක ව්‍යායාමයයි. වේගයෙන් ඇවිදීම, ලණුව කරකවමින් උඩ පැනීම (ිනසචචසබට* බයිසිකල් පැදීම, සෙමින් දුර දිවීම, පිහිනීම සහ සංගීතයට අනුව රිද්මයකට නැටීම ආදිය මේ වර්ගයට අයත් ව්‍යායාමයන්. මෙම ව්‍යායාම මඟින් කලව, අත්වල පේශි, කෙණ්ඩ, පිට, බෙල්ල ආදී ස්ථාන ව්‍යායාමයට ලක්වෙනවා. 

ඔබට ඔබේ කාර්යභහුල දිවියත් සමග දිනපතා ව්‍යායාමවල නිරත වීමට නොහැකි විය හැකියි. දිනපතා ව්‍යායාම නොකළත් බර අඩු කර ගැනීමට නම් අඩු තරමින් සතියකට දින 3 ක් හෝ ව්‍යායාම කළ යුතුයි. අඩු තරමින් එක දිගට විනාඩි 30 ක් හෝ හොඳින් දහදිය වැටෙන තෙක් ව්‍යායාම කළ යුතුයි. එක ව්‍යායාමයකදී අඩු තරමින් කැලරි 300 ක් හෝ වැය නොවුණේ නම් ඒ ව්‍යායාම කිරීමෙන් ප‍්‍රයෝජනයකුත් නොමැති වෙනවා.

එමෙන්ම  දිනපතා ඔබ ඇවිදින ප‍්‍රමාණය වැඩි කරන්න. එය ඔබේ සිරුරට අවශ්‍යම වයයමයක්. දිනපතා ඔබ කොපමණ ප‍්‍රමාණයක් ඇවිදින්නේද යන්න ගණනය කරන්න. ඔබ ඇවිදින සෑම අවස්තාවකම ඔබේ කැලරි දහනය වේ. එනිසා ඔබ ඇවිදින ප‍්‍රමාණය සොයා ගෙන එම ප‍්‍රමාණය තවත් වැඩි කරගන්න උත්සහ කරන්න. දිනකට පියවර 7000 න් ආරම්භ කර එය 10000 හෝ ඊටත් වැඩි කිරීමට උත්සහ දරන්න. නව තාක්ෂණය අනුව මෙය ගණනය කල හැකි අතේ පළඳින ඔරලෝසු පවා අද මිලදී ගත හැක.

ෂෙහානි ලියනආරච්චි 

Saturday, November 24, 2018

උත්සව සමය හැඩකරන කාන්තා විලාසිතා










 උත්සව සමයේ කාන්තාවන් වැඩිපුරම අවධානය යොමුකරන්නේ ඇඳුම් පැළඳුම් වෙතයි.   සාප්පු සවාරි   යෙදී ඔබට  සුදුසු විලාසිතාවක්  තෝරාගැනීමට නොහැකිව ඔබ දැනටමත් අපහසුතාවයට පත්වී ඇතිබව නම් නොවනුමානයි. සීතල දෙසැම්බරය සුදුසු විලාසිතා තෝරා ගන්නේ කොහොමද විලාසිතා තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්  වෙත අවධානය යොමු කරමු.

  නත්තල් සාදයක් සඳහා ආරාධනාවක්  ලැබුණු විට ුවතියන්ට ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ ඊට සුදුසු ඇඳුම් මෝස්තරයක් නිර්මාණය කරගන්නේ කෙසේද යන්නයි ඕනෑම යුවතියක් කැමතිවන්නේ දුර්ලභ ආකාරයේ විලාසිතා පෙම් හැඩ වීමටයි.

මෙවැනි අවස්ථාවලදී උත්සව පැවැත්වෙන්නේ වේලාව පිළිබඳව ද,   ඒ කුමන ආකාරයේ උත්සව අවස්ථාවක් ද යන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.  කාලයෙන් කාලයට අලුත් වන සෑම මෝස්තරයක් සෑම යුවතියකට ම සුදුසු නොවේ.  ඒ අතරින් තමන්ට ගැළපෙන නිර්මාණ තෝරා ගැනීම වැදගත්.

 දිනෙන් දින අලුත් වන විලාසිතා නිසාම වර්ණ පිළිබඳ අපි බොහෝ සැලකිලිමත් වර්ණ ගැන නොසිතා තමන්ගේ පෙනුමට වර්ණ කොතරම් ගැලපෙනවද යන්න නොසිතා විලාසිතා කරන අයත් සිටි එවිට එම විලාසිතාව විහිළුවකට ලක් වීමට ද ඉඩ තිබේ තම සිරුරේ වර්ණය උත්සව අවස්ථාව එහි තේමාව තම වයස ආදී කරුණු බොහොමයක් ගැන අපට අවධානය යොමු කිරීමට සිදුවේ.

 පැහැපත් සමට
        අඳුරු හා වර්ණවත් පැහැය වැනි ඕනෑම වර්ණයක්


 තලෙළු සමට
        වඩා තද පැහැති වර්ණ උචිත නොවේ.
        තද රතු කහ වැනි වර්ණ නුසුදුසුය.
        ඕනෑම වර්ණවත් පැහැයක් ගැලපේ.


 අඳුරු පැහැ සමට
        තද පැහැති වර්ණ සුදුසු නොවේ
        මෙය තමා සහභාගි වන අවස්ථාව අනුව වෙනස් වේ.
        ාමාන්‍යයෙන් පැහැපත් සමකට ඕනෑම වර්ණයක් සුදුසුයි. නමුත් සමේ පැහැය  මකෙඋප් එකකින් වුවද අඩු වැඩි කරගත හැකිය. එහෙත් වර්ණවත් විලාසිතා අවශ්‍ය වනුයේ ශරීරයේ හැඩය ආකර්ෂණීය පෙනුමක් එක් කර ගැනීමටය.


අව්ව සහිත සමට
        කළු වැනි විලාසිතා නුසුදුසුය.
        එමඟින් හිරු එළිය උරා ගන්නා නිසා දැඩි උණුසුමක් ශරීරයට  දැනෙයි.
        සුදුසු වන්නේ වර්ණවත් ඇඳුම් ආයිත්තම්ය.
        එමඟින් හිරු එළිය පරාවර්ථනය වේ.
        ශරීරයට සුවපහසුයි.
          කළු රතු තද නිල් සුදු  රෝස ගොල්ඩ් වැනි වර්ණ සාමාන්‍ය උත්සවයන්ට සුදුසුයි.







විලාසිතා තෝරා ගැනීමේදී  වයස් සීමාවන් බලපාන්නේ  නැත. නමුත් යොවුන් වියේ පසුවන යුවතියන් රෝස පැහැයක්  වැඩි වශයෙන් භාවිතා කරයි. එවැනි පැහැයන් කෙළිලොල් බව අර්ථ ගන්වයි. ළා නිල්, ළා කොළ, ම් පැහැයක් ඇහැට ප්‍රිය උපදවන වර්ණයන්ය.

Saturday, August 11, 2018

ඉතිරියට හුරු වෙමු




ඉතිරි කිරීම යනු ලොභකමවත් මසුරුකමවත් නොවේ. එහි අර්ථය දිවිය මනාව සකස් කර ගැනීමට හුරුවීම යන්නයි. වර්තමානයේ බොහෝදෙනාට ඉතිරි කිරීම පිළිබඳව නිසි අවබෝධයක් නැහැ. අප ඉතිරිකිරීම ආරම්භ කල යුත්තේ නිවසේදිමයි. අතීතයේ ගෘහණිය සකසුරුවම මනසේ හැඩගැසී පුරුදු වී සිටියෝය. අතීතයේ නිවසේ ගෘහණිය ඇතිනම් අම්මා පොඩි මුදලක් සීට්ටු දමා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ටික ටික අකතු කිරීමට පුරුදු වී සිටියා. නිවසේ ඉතුරුවන බත් නිකරුනේ විසි නොකර ඒවා වෙලා රසවත් අග්ගලා සේදුවා. අටුකොස්, ලුණුදෙහි දැමීමද එවැනි එවැනි ඉතිරිවන දේ වලින් ගත් ප්‍රයෝජනයි. මිට මිට එකතු කරගත් මිටි හාල් මුට්ටිය නිවසේ හාල් හිඟවූ දාට බොහෝ ප්‍රයෝජනවත් වුණා.

මෙලෙස බැලු විට සකසුරුවම පිලිබඳ පළමු පාඩම අපට කියාදෙන්නේ අම්මයි. වර්තමානයේ ඔබ ගෙවන කාර්ය බහුල ජීවිතයත් සමගම ඉතිරි කිරීම ඔබෙන් ගිලිහී යන දෙයක් වෙන්නට පුළුවන්. අරපිරිමැස්ම පුරුද්දක් වශයෙන් කරගෙන යාමට හැඩගැසෙන්නේ නම් එය පහසුවක් වනු ඇත.

ඔබ ඉතිරියට හුරු වන්නේ අනාගත ප්‍රයෝජනය  සඳහායි. අනාගතයේදී සිදුවිය හැකි අර්බුද අවිනිශ්චිතයි. එයට සුදානම් වීමට නම් අප උපයන ධනය ඉතිරි කරගත යුතුමයි. ආගමික ශාස්තෘවරුන් පවා දේශනා කර ඇත්තේ නොපිරිහෙන්නට නම් ශ්‍රමය, ධනය, කාලය ඉතිරි කල යුතු බවයි. සේම මසකම  ඔබ උපයන මුදලින් යම් සෙලකිය යුතු ප්‍රතිශතයක් පුරුද්දක් ලෙස ඉතුරු කිරීමට හැකි වේනම් එය ඔබ ලබන ජයග්‍රහණයකි. එමෙන්ම උපයන ධනය සකසුරුවම් ලෙස වියදම් කිරීමටද ඔබ හුරුවිය යුතුයි. පරිබෝජනයේදී තමන්ගේ ඇඳුම් පැළඳුම් කෑමබීම පිළිබඳවත් නොසිතා අනවශ්‍ය වියදම් වෙනුවෙන් නයවිමෙන් හෝ වියදම් කරයි. එය වෙනස් කොට තම වෙනුවෙන්ද යම් මුදලක් ඉතිරි කිරීමට ඉටාගත යුතුයි.


මුදල් වියදම සඳහා නිසි සැලසුමක් සකස්කර ගන්නේ නම් එය ඵලදායි අරපිරිමසන පිළිවෙලකි. අයවැය ලේඛනයක් සකස් කරගෙන එයට අනුකුලව ඉතුරුකරන්නේ නම් ඔබට ඔබේ ඉතුරුම් ඉලක්ක පවා සපුරාගත හැකිය. එහිදී මුලික පියවර වශයෙන් ඔබේ අවශ්‍යතා හා උවමනා හඳුනාගන්න. ඔබේ අයවැය ලේකනයේ මාසික වියදම් තුලනය කරගැනීමට අඩු වැදගත්කමකින් යුත් වියදම් කපාහැරිය හැකියි. එවිට කිසියම් අවශතාවක් හෝ අවශ්‍යතා ගණනාවක් වෙනුවෙන් මාසිකව ඔබට වියදම් කල හැකි මුදල් ප්‍රමාණය ඔබට ලබාගැනීමට හැකියාව ඇත.

නිවසේ ආර්ථිකය ගොඩනගා ගැනීමට එදිනෙදා වෙළඳපොළට යන වියදම් අවම කරගන්න පුරුදු වෙන්න. ඔබේ ගෙවත්තෙහි එළවලු පලතුරු වගාකර පරිභෝජනය කිරීමට හැකියාව ලබෙනේනම් ඔබට වස විස නැති අහාර ලබාගැනීමට හැකියාව ලැබෙන්නාව මෙන්ම දෙඉනිකව කෑමබීම සඳහා යන වියදමද අවමවේ.
එමෙන්ම නිවසේ අනවශ්‍ය ලෙස නාස්තිවන විදුලිය ජලය පවා අරපිරිමැස්මෙන් භාවිතයට හුරුවීම සකසුරුවමයි. එය ඔබේ මුදල් පසුම්බියට මෙන්ම රටේ ආර්ථිකයටත් සැහැල්ලුවක් වනු ඇත.

 මෙලෙස ඔබ සකසුරුවම් පුරුදු පුහුණු විය යුත්තේ නිවසේදීමය. ජීවිතයේ සියලු කටයුතුවලදී  සකසුරුවම වඩාත් අත්‍යාවශ්‍ය දෙයකි. නිවසේදී පමණක් නොව කාර්යාලයේදී වැඩබිමේදී සකසුරුවම හා අරපිරිමැස්මෙන් කටයුතු කරන්නම් ඔබේ ඉදිරි අනාගතය සරු කර ගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම එය රටේ අනාගතයකට ශක්තිමත් අඩිතාලමක් වෙයි.

Tuesday, July 24, 2018

මානසික ආතතියෙන් මිදී නිරෝගිමත් දිවියකට..



නිරෝගිමත් දිවියක් සඳහා කායික මෙන්ම මානසික සුවතවයද අත්‍යවශ්‍ය සාධකයකි. යහපත් මානසික තත්ත්වයක් නොමැති වූ විට ඔබේ ශරීරය ද නිරන්තරයෙන් රෝගී විය හැකියි. යහපත් මානසික සෞඛ්‍ය යනු පුද්ගලයකුගේ හැගීම් හා මානසික ක්‍රියාකාරිත්වය යහපත් මට්ටමක පවත්වා ගැනීම මත ගොදනගේන්නාවූ සංකල්පයකි.
මිනිසාට ඇතිවන මානසික රෝග අතුරින් මානසික ආතතිය සේම පුද්ගලයෙකුටම යම් ප්‍රමාණයකට හෝ පවතින්නකි. මානසික ආතතිය සරලවම දැක්වුවහොත් එය මිනිසාට ඇතිවන ස්වභාවික හැගීමකි. මනසේ ඇතිවන විවිධ චිත්තවේගයන් ඔස්සේ මෙම තත්ත්වය ඇති විය හැකියි. ආතතිය ඇතිවීමට බලපාන හේතු සාධකයන් පිළිබඳව සලකා බැලීමේදී එම හේතුන් පුද්ගලගෙන් පුද්ගලයට වෙනස් විය හැකි බවත් ඒවා හඳුනාගැනීමේ අපහසුතා පවතින බවත් හඳුනාගෙන ඇත. කෙසේ වෙතත් පුද්ගලයෙකුට පවතින විවිධ ජිවන ගැටළු, රෝග තත්ත්වයන්, ආර්ථික ගැටළු, පවතින සබඳතා ආශ්‍රිත ගැටළු ආතතිය ඇති කිරීමට මුල්වන පොදු කරනා කිහිපයකි. ඉගෙනීම් කටයුතු වල දී සිටින අතරුන තරුණියන්ට ඉගෙනීම් ගැටළු, විභාග, පැවරුම් කටයුතු, තරගකාරිත්වය සමාජයෙන් ඇතිවන විවිධ බලපෑම් මෙයට හේතු වේ. මෙවැනි තත්ත්වයන් සියදිවිනසා ගැනීම් දක්වා බලපෑම්කාරී විය හැකියි.
ආතතිය මානසික රෝගයක් ලෙස හැඳින්වුවද එය යම් ප්‍රමාණයකට ප්‍රයෝජනවත් වන අවස්ථාද පවතී. පුද්ගලයෙකුට ක්‍රියාශීලිව මානසික එකග්රතාවයෙන් යුතුව ක්‍රියා කිරීමටත්, පරික්ෂකරිව හා උද්යෝගිමත්ව කටයුතු කිරීමටත් අවශ්‍ය සහය ලබාදෙන්නේ ආතතිය මගින් බව ඔබ දන්නවද? එහි දී ඔබගේ ශරීරයේ කොටිසොල් (Cortisol), අඩ්රිනලින්(Adrenaline), සහ නොරද්රිනලින් (Noradrenaline) යන හෝමෝනයන් වැඩිපුර ශ්‍රාවය වී රුධිරයට එකතු වීම නිසා එමගින් මානසික පීඩනය සහ අවධානම මත කටයුතු කිරීමට ශරීරය හැඩගැස්වයි.



නමුත් දිගින් දිගටම මානසික ආතතියෙන් පෙළෙන්නේ නම් එය ශරීරයේ රෝග ලක්ෂණ වලට හේතුවේ. එසේ ඇතිවන දිගු කාලින මානසික ආතතිය නිසා අධික රුධිර පීඩනය, අංශභාගය, හදවත් රෝග,දියවැඩියාව, ගැස්ට්‍රිටිස් සහ ආමාශගත තුවාල, විශාදය, අසාමාන්‍ය බිය, ප්‍රතිශතය අඩු වීම, ලිංගාශ්‍රිත රෝග ආදී දිගු කාලින රෝග තත්ත්වයන්ට හේතු පාදක වෙයි. මෙවැනි රෝගී තත්ත්වයන් නිසා මානසික ආතතිය මාරාන්තික විය හැකියි. අතතියේදී රුධිරයට එකතුවන කොටිසොල් හෝමෝනය යම් ප්‍රමාණයකට වාසි ඇති කරන අතරම දිගුකාලීනව එය අයහපත් ප්‍රතිපල ගෙන එයි. කෙටිකාලීනව රුධිරයේ කොටිසෝන් මට්ටමේ ඉහළ යාමේ ප්‍රතිපලයක් ලෙස කෙටිකාලීන මතකය වැඩි දියුණු වීම, ප්‍රතිශක්තිය වැඩි වීම, ශරීර වේදනාවල සංවේදීතාවන් අඩු කිරීම, රුධිර පීඩනය පාලනය කිරීම, ශක්තිය වැඩි කිරීම සිදුවේ.නමුත් දිගු කාලීනව රුධිර කොටිසොල් මට්ටම ඉහළ අගයක් ගැනීමෙන් අතුරු ආබාධ හැ සංකුලතා ඇතිවීමට මගපාදයි. මෙය තරබාරුකම ඇතිවීමට ද හේතුවකි. තරබාරු බව නිසා උදරයේ මේදය තැන්පත් වීම, කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර නාල සිහින් වීම මේ හේතුවෙන් හදවත් රෝග වලදිමටද ඉඩකඩ ඇත.

මෙලෙස නොයෙකුත් හේතුන් නිසා දිගුකාලින මානසික ආතතිය ඉතා මාරාන්තික තත්ත්වයකි. මේ නිසා මානසික ආතතිය පාලනය කර ගත යුතුයි.දෙනික ජීවිතයේදී ඔබට නිත මනසට වදදෙන ක්‍රියාවන් හා සිතුවිලි පාලනය කරගැනීම හා ආතතියට හේතුවන ගැටළු වෙනස් කර ගැනීමටත්, එවැනි ආකාරයේ අවස්ථාවන්ට ප්‍රතිචාර දක්වන ක්‍රමවේදය වෙනස් කරගැනීමටත් ඔබට හැකියාව පවතින්නේ නම් ආතතිය නිසිලෙස පාලනය කල හැකිය. බොහෝ දෙනෙක් මානසික ආතතිය පාලනය කරගැනීමට යොදාගන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන උපායමාර්යි. දුම්පානය, මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, සමාජයෙන් හුදෙකලා වීමට පුරුදු වීම, අධික ලෙස ආහාර ගැනීම හෝ අධික ලෙස නිදාගැනීම අඩිය එවැනි අයහපත් ක්‍රමවේදයන්ය. සමහර පුද්ගලින් සියදිවි නසගනිමට පවා පෙළඹෙන්නේ මෙවැනි අහිතකර ක්‍රමවේද ආතතිය පාලනයට යොදා ගැනීම නිසයි.

මානසික ආතතියට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ලැබෙන ක්‍රියාකාරකම් සඳහා යොමු වීමෙන් එය ඇතිවීම මගහරවා ගැනීමට හැකියාව ඇත. ප්‍රයෝගිකව ඔබගේ මනස ලිහිල් කරන විනොදන්ෂවලට කාලය වෙන්කරවා ගැනීම ආතතිය පාලනය කිරීමට උපයෝගී කරගත හැකිය. පිහිනීම, බයිසිකල් පැදීම, සංගීතය රස විදීම, පොත් කියවීම ආදී විනෝදාංශ ඔබේ මනස නිරවුල් කරයි. එමෙන්ම තමාට ළඟාවිය හැකි ඉලක්ක පමණක් ලඟාකරගැනීමට උත්සහ කල යුතුයි. ක්ෂණික කෝපය නිසා  ඔබගේ ආතතිය තව තවත් වැඩිදියුණු  වන බැවින් එවැනි අවස්ථාවන්ට මුහුණ දීමට ආගමික නැඹුරුව වැදගත් වේ. භාවනාව,ශ්වසන ව්‍යායාම වැනි ක්‍රම මගින් ඔබේ මනස ලිහිල් කර ගැනීමය හැකියාව පවතී. මෙවැනි මානසික ආතතිය පාලනය කරන උපක්‍රමයන් යොදාගනිමින්, මානසික අතතියේ පීඩනයෙන් මිදී නිරෝගිමත් තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය මානසික ශක්තිය වර්ධනය කරගන්න.

Sunday, July 15, 2018

වත්මනේ හිස ඔසවන දන්ත රෝග




මිනිසෙකුගේ සුන්දරත්වය සඳහා ආකර්ෂණීය සිනාවෙන් ලැබෙන්නේ අසීමිත පිටිවහලක්. කෙනෙකුට සුන්දර පියකරු සිනහවකින් තවත් කෙනෙකුට සංග‍්‍රහ කිරීමට හැකියාව ලැබෙන්නේ නීරෝගි දත් දෙපළකිනි. දත් නරක් වී විවිධ දන්ත රෝගවලින් පෙළෙන්නේ නම් විවිධ අවස්ථාවලදී ඔබ අපහසුතාවට ලක් වීමට ඉඩ ඇත. මේ නිසා මුඛ සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාම ඉතාම වැදගත් වේ. 

මිනිස් මුඛයේ සුලබව දකින්නට ලැබෙන රෝගී තත්ත්වයන් කීපයකි.

(1* මුඛ පිළිකා 
(2* මුඛයේ ආසාදන තත්ත්ව 
(3* විදුරුමසේ ඇතිවන රෝග 
(4* දත් කුහර ඇතිවීම
(5* දත් දිරායාම

වර්තමානයේ වැඩිපුරම කතාබහට ලක් වන්නේ මුඛ පිළිකා ගැනයි. මෙම රෝග තත්ත්වය මුල් අවස්ථාවේදීම හඳුනාගෙන ප‍්‍රතිකාර නොකිරීමෙන් එය තවදුරටත් පැතිරීමට, දිගුකල් වේදනා ගෙන ඒමට මෙන්ම අවසානයේදී මරණයට පවා හේතු විය හැකිය. දිව, මුඛයේ පතුල, මෘදු තල්ල, තොල්, විදුරුමස හා දිවේ පිටුපස යන ප‍්‍රදේශ වඩාත්ම මුඛ පිළිකාවට භාජනය විය හැකි ප‍්‍රදේශයි. 

පිරිමි පාර්ශ්වයට මෙන්ම වයස්ගත පුද්ගලයන්ට මුඛ පිළිකා අවදානම වැඩි බවක් දක්නට ලැබේ. සිගරට්, සුරුට්ටු, පයිප්ප හෝ බීඩි ලෙස දුම්පානය, බුලත්විට සමඟ හෝ බුලත්විට නොමැතිව කරන දුම්කොළ සැපීම, දුම් කුඩු ඉරීම යන කුමන ආකාරයකට ඇබ්බැහි වුවද මුඛ පිළිකා ඇතිවීමට හේතු කාරක වශයෙන් සැලකේ.  

මුඛයේ ආසාදන තත්ත්වයක් ඇති වන්නේ මුඛය තුළ දිලීර, බැක්ටීරියා, වෛරස් වල ක‍්‍රියාකාරීත්වයක් ඇති කිරීම නිසායි. මේ නිසා මුඛය තුළ තුවාල ද ඇති කරයි. මුඛයේ තුවාල හට ගැනීම විශේෂයෙන්ම අවුරුදු 16 x -25 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් අතර සුලභ වේ. HIV ආසාදිතයන්ගෙන් හරි අඩකට වඩා මුඛයේ දිලීර, බැක්ටීරියා හෝ වෛරස් ආසාදිත පුද්ගලයින් වන බව දැනට සොයාගෙන ඇත. මුඛ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් නොවුවහොත් එය හෘද රෝග, පිළිකා, නිදන්ගත ශ්වසන රෝග සහ දියවැඩියා වැනි රෝග ද ඇතිවීමට වැඩි අවදානමක් ඇත.




මැදි වයසේ පුද්ගලයන් 15 x -20% අතර ප‍්‍රතිශතයක් දරුනු විදුරුමස් රෝගී තත්ත්වයන් හේතුවෙන් පීඩා විඳී. ප‍්‍රතිකාර ලබා නොගතහොත් විදුරුමස් දියවී යාමටද ලක්විය හැකිය. විදුරුමස් ආශි‍්‍රත ව රෝග ඇතිවීමට බලපාන ප‍්‍රධාන හේතුව වන්නේ දන්ත පථ ඇති වීමයි. මෙය විදුරුමස අශි‍්‍රතව ඇතිවන පටලයකි. විදුරුමස් රෝග ඇති වූ විට විදුරුමස් වලින් රුධිරය වහනය වීමත්, විදුරුමස ඉදිමීමටත්, දත් බුරුල් වීමටත් පටන්ගනී. අවසානයේ දී අකලට දත්්හැලීමට ප‍්‍රධාන හේතුව වන්නේ මෙම රෝගී තත්ත්වයයි.

නියමිත ලෙස දත් පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ලෝකයේ 60x90% පමණ පාසල් යන වයසේ පසුවන සිසුන් මෙන්ම වැඩිහිටියන් අතර ද දත් කුහර ඇතිවීමේ රෝගී තත්ත්වය බහුලව දක්නට ලැබේ. මුඛ කුහරය ආශ‍්‍රිතව අඩු ෆ්ලෝරයිඞ් සාන්ද්‍රණයක් පවත්වා ගැනීමෙන් දත් කුහර ඇතිවීම වළක්වා ගත හැකි වේවි.

දත් දිරායාම ද අද මුඛය අශි‍්‍රතව ඇති සුලභ රෝගයකි. දත් දිරායාමට මුල්වන්නේ නිතර නිතර ගන්නා පැණි රස ආහාරපානයි. මේ නිසා දිරායාමෙන් වැළකීමට කළයුතු හො`දම උපක‍්‍රමය වන්නේ සීනි අඩංගු ආහාර පාන අවම කිරීමයි. දතක් දිරීමට අරම්භ වන්නේ දත මතුපිට තිබෙන ආම්ලිකතාවය වැඩි වූ විටයි. ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක් භාවිත කිරීමෙන් මෙම තත්ත්වය මඟ හරවාගත හැකිය.